spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුස්ලිම් මෘතදේහ අර්බුදය : හිටපු ජනාධිපතිනීය ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Must read

 කොරෝනා  වෛරසය වැළදීමෙන් මියගිය ශ්‍රී ලංකික මුස්ලිම්වරුන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජයෙන් ඉල්ලා සිටියි. ඇය මෙම ඉල්ලීම සිදු කළේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමිනි.   COVID-19 වැලදීමෙන් මියගියවුන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධ සියලු විද්‍යාත්මක කරුණු තමාට ලැබෙන තුරු කිසිදු ප්‍රකාශයක් කිරීමට ඉක්මන් නොවුණු බවත්, අදාල දේශීය සහ විදේශීය විද්වතුන් සමග සාකච්ඡා කර ආදාහනය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වූ හේතු පදනම් විරහිත බව අවබෝධ කරගැනීමෙන් පසු මෙම ප්‍රකාශය නිකුත් කළ බවත් ඇය පවසන්නීය.    මෙය ශතවර්ෂ ගණනාවක් තිස්සේ මුස්ලිම්වරුන් විසින් අනුගමනය කරනු ලබන සිරිතක් බවත්, කිසිවෙකුට හානියක් නොවන පරිදි මළවුන් භූමදානය කිරීමේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් අනුගමනය කිරීමට මුස්ලිම් ප්‍රජාවට නීත්‍යානුකූල අයිතියක් ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කියා සිටියි.   ලෝකය ඉදිරිය ගියේ මිත්‍යාවෙන් නොව විද්‍යාවෙන් බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිනිය, ඒ අනුව කටයුතු කරන්නැයි රජයේ  බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.     

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article