spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“තිරසර ලංකා” ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ….

Must read

02-34-1140x718

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධනය සදහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව පැවැත්වෙන “තිරසර ලංකා” ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබද මහා සමුථවේදී ප්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක සදහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිද එක් එක් අමාත්‍යාංශ විසින් ඉදිරිපත්කර තිබූ අතර එම ප්‍රදර්ශන කුටි ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

“තිරසර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගමු” යන උපදේශනාත්මක කෘතිය කෘෂි පර්යේෂණ නිළධාරින් වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

“දැන ගොවිතැන” තොරතුරු පත්‍රිකාව ද ගොවි සංවිධාන  නියෝජිතයින් වෙත පිළිගැන්විණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියමයට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කළ ආයතන වෙනුවෙන් සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

“වස විස ත්‍රස්තවාදයට එරෙහිව දියත්කළ ගෝකන්න විල්පවයේ” ජයග්‍රහණය පිළිබද සංදේශය ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

01-44-1024x530 03-31-1024x548 04-24-1024x767

එමෙන්ම තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහිකිරීම සහ ගොවිපොළ යාන්ත්‍රිකරණය අරමුණු කර ගනිමින් ගොයම්පැළ සිටුවීමේ යන්ත්‍ර 210 ක් හා ස්වයංක්‍රිය වල්නෙළන යන්ත්‍ර 1000 ක් ඛෙදාදීම සංකේතවත් කරමින් එම යන්ත්‍රවලට අදාළ ලියකියවිලි භාරදීම ද  ජනාධිපතිතුමා අතින් සිදු විය.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, රවී කරුණානායක, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, දයා ගමගේ, සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් ද, එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධීකාකරක සහ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.05-23-1024x800 06-20-1-1024x574 07-20-1024x892 12-13-1024x744 15-3-1-1024x506 16-6-1024x578

( ඡායාරූප : උදේශ් ගුණරත්න – ජනාධිපති මාධ්‍ය අංශය )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article