spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දකුණු ආසියාවේ හොදම ගුවන් සේවය ශ්‍රීලංකන්..

Must read

0f61c5c34fdf6a266df4a2c7e7312334_L
චීනයේ ප්‍රධාන සංචාරක සගරාවක් විසින් පවත්වනු ලැබූ 10 වන සංචාරක සම්මාන ප්‍රධාන උත්සවයකදී දකුණු ආසියාවේ හොදම ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නම් කර තිබෙනවා.
මෙම සගරවේ ප්‍රධාන කතෘ වැන්ග් ජිය්මෙයි පවසා ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයට ලැබුන මෙම සම්මානය ඔවුන් වෙත ලැබිය යුතුම දෙයක් බවයි. ඉදිරියේදී බොහෝ චීන ජාතික සංචාරකයන් විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගනිමින් ශ්‍රීලංකාව,මාලදිවයින,සී සෙල්ෂ් හා වෙනත් ගමනාන්තයන් වෙත ලගා වනු ඇති බවත් මෙහිදී ඔහු පවසා ඇත.
 ශ්‍රී ලංකාන් ගුවන් සේවාව වෙත සංචාරයන් වැඩිකිරීමට අප සතු උත්සාහයන් වෙනුවෙන්  මෙම සම්මානය විශාල දිරිමත් කිරීමක් බවයි චීනයේ ශ්‍රීලංකනා ගුවන් සේවයේ කලමණාකරු වන රවීන්ද්‍රන් වීරපෙරුමාල් මහතා මෙම සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා ඇත්තේ.  ශ්‍රීලංකන් ගුවන් සමාගම තෝරාගන්නා පාරිභොගිකයන්ට ඉතාමත් ඉහල තත්වයකින් සැලකීමටත් ඔවුන් පුදුම කිරීමටත් තම සමාගම නිරතුරු උත්සහකිරන බව පැවසූ ඔහු මෙම සම්මානය යථාර්තයක් කර ගැනීමට වෙහෙස වූ තම සමාගමේ සියළුම සේවකයන්ටද මෙහිදී තම ස්තූතිය පුද කර සිටියේය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article