spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඩකොලයක් වෙනුවට පාන්දරට බෙලිමල් කෝප්පයක් …..!

Must read

බෙලිමල්නාවුල ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුව තිබුන වාහන අනතුරු පාලනය කිරිම සදහා නාවුල පොලිසිය විසින් කදිම වැඩපිළිවෙලක් පසුගිය කාලයේ පටන් සංවිධානය කර තිබුණා.
ඒ තමයි රාත්‍රි කාලයේදි මෙන්ම අලුයමේදි පොලිසිය ඉදිරිිපිටින් යන වාහන රියදුරන් නවතා ඒ අයට උණුසුම් බෙලිමල් කෝප්පයකින් සංග්‍රහ කිරිම .
මේ මෙහෙයුම ආරම්භ කිරිමත් සමගින් ඒ ප්‍රදේශයේ කිසිදු මාරාන්තික අනතුරක් සිදුව නැති බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිලිතුරු දෙමින් නාවුල් පොලිසියේ ස්ථානාධිපති සුගත් බණ්ඩාර මහතා පවසා සිටියේ රාත්‍රි කාලයේදි බිමතින් යන  රියදුරන්ට එරෙහිව  පමණක් නඩුගැනිම් සිදුකරන අතර අනික් රියදුරන්ට වැරදි නොකර රථය පදවන ලෙසින් ඉල්ලා සිටිමින් මේ උණුසුම් බෙලිමල් සංග්‍රය සිදුකරනු ලබන බවයි.
කටාන පොලිස් අභ්‍යාස විදුහලේදි තමන් වෙත පැවරුණ ව්‍යාපෘතිය වෙනුවෙන් තමන් ඉදිරිපත් කරන්නට යෙදුන මේ වැඩසටහන දැන් නාවුල පොලිසිය විසින් සාර්ථව කරගෙන යනු ලබන බවද ඔහු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article