spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පන්ති කාමරයක

Must read

සීදුව දවිසමර විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ..DSC_5178
ගමට සහ නගරයට එක හා සමානව සම්පත් බෙදා දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට පියවර තබන්නට ගමේ දරුවන්ටත් හැකියාව අද වන විට  ලැබී ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ 2017.10.06 දින සීදුව දවිසමර විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනේ දසදහසකට අධික පාසල් අතුරින් මීගමුව අධ්‍යාපන කාලාපයට  ලැබුණු  පන්ති කාමර 2 අතරින් සීදුව දවිසමර විද්‍යාලය වැනි පාසලකට මෙවැනි නව තාක්ෂණික පහසුකම් ලැබීම ඉතාමත් වටිනා අවස්ථාවක් බවයි.
අද වන විට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථමයා බවට පත්වීමට මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් දරුවා සමත් වීම පාසලට පමණක් නොව මීගමුව අධ්‍යාපන කලාපයටම ගෞරවයක් බවද සිහිපත් කළාය.මෙවැනි නව ඉගැන්වීම් ඔස්සේ තාක්ෂණය සමග පෙරට යන දරුවන්ට මෙය හොඳ  පූර්වාදර්ශයකි .DSC_5208new
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලක්ෂ 50ක පමණ මුදලක් මෙම තාක්ෂණික උපකරණ සඳහා ලබා දී ඇති අතර පන්ති කාමරය සකස් කිරීම විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන්ගේ  මැදිහත්වීම මත විදුහල් භූමියේ පොලක් පවත්වා ලබා ගෙන ඇත
මෙම අවස්ථාව සඳහා මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇන්ටනී ප්‍රනාන්දු, විදුහල්පති සිසිර විජේසිංහ මහත්වරුන් ඇතුළු ගුරුමණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article