spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දරුවන්ගේ පාසැල් පොතත් මංකොල්ල කන මීගමු පොහොට්ටු මන්ත්‍රිලා !

Must read

MC-2-e1530758211220පාසැල් දරුවන් සදහා අභ්‍යාස පොත් බෙදිල්ල මේ වන මිගමුවේද එහෙම පිටින් මංකොල්ලයක් බවට පත්ව තිබේ.
සැබැවින්ම දැන් ඇත්තේ දරුවන්ට පොත් දෙනවා යන ලේබලයට මුවා වි සිදුකරගෙන යනු ලබන ගසා කෑමකි.
මේ පොත් බෙදිල්ල තනිකරම ලංසා පවුලේ දේශපාලන උවමනාව මත මිගමුවේ ජනතාවගේ මහජන බදු මුදල් යොදවා කරන ජාවාරමක් බවට පත්ව  තිබේ.
සිය කොට්ටාශ වල සිටින දරුවන් හට කල් ඇතිව අභ්‍යාස පොත් ලබාදිම කළ යුතුව තිබුණද නගරාධිපති දයාන් ලංසාගේ හිතුවක්කාර තිරණය මත කල් ඇතිව පොත් නිකුත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් හට පමණය.
ඒ අය විසින් තමන්ගේ කොට්ටාශයට අවැසි පොත් ප්‍රමාණයට වඩා ලබාගනිමින් මෙය දැන් ජාවාරමක් බවට පත්කරගෙන සිටි.
පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පරාද වු අයට පවා මේ පොත් දැන් බෙදෙන්නේ නිමල් ලංසාගේ පාර්ලිමේන්තු ඡන්දය ඉලක්ක කොට ගෙනය.
එපමණක් නොව මිගමුවේ දරුවන්ට හිමි පොත් දැන් වත්තල කටාන වැනි ප්‍රදේශවලට පවා යමින් තිබේ.
ඊයේ සවස් වරුවේ ඩෙලිකා වර්ගයේ වෑන් රථයකින් රු 25000 කටත් වඩා වටිනාකමකින් යුත් පොත් තොගයක් වත්තලට ප්‍රවාහනය කර තිබේ.
මේ සියළු දැ එසේ වෙද්දි එජාප නාගරික මන්ත්‍රිවරුන් මීක් කියන්නේ නැත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article