spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත දෙපා ඇලට මේ අපරාධය කරපු අය කව්ද ????

Must read

 

දළුපත ඇලක්(6.30 pm )අඩි 25ක් පමණ පළලට ගලාගෙන ගිය දෙපා ඇල හලාවත පාර හරහා පාර යටින් ගලාගෙන ගිය අතර පාර උඩින් විශාල යකඩ බාර් ඇදි සහිත පාලමක් සකසා තිබින. පසුව මේවා ගලවා දැමින. ඒවා ඉබේ ගැලවෙන්නේ නැත. මන්ද සවි ශක්තියෙන් යුතුව සකසා තිබුනු බැවිනි.
ඇල උඩ ඉන්ධන පිරවුම් හලක් ඉන් පසුවය.ඇලක් උඩ ෂෙඩ් එක
ඒ හැදිල්ලට ලංසා ඇතුළු තවත් කිහිප දෙනෙකු සම්බන්ධ බව ජනතාව දන්නා ප්‍රසිද්ධ රහසකි.
මේ අතර ඉන්ධන පිරවුම් හලින් අනික් පැත්තේ පරණ යකඩ බඩු කුඩාවට අටවාගෙන තිබින.
දිනපතා යකඩබඩු කඩයේ සුන්බුන් ගලා‍ගෙන යන ඇල පැත්තට වැටෙන්නට විය.
මේ අසල තිබුනු තේක්ක ගසක අතුද කපා මේ ස්ථානයේ ගොඩ ගසාතිබුනේද මෑතකදීය.
කෙමෙන් කෙමෙන් ඇල පටුවිය.
යකඩ බඩුකඩය විශාල විය.
මෙහි ප්‍රතිඵලය අති භයානකය.
අපි මීට පෙරද මෙය සදහන් කළෙමු.
මේ නිසා තැබෑරුම් වත්ත වැසිදිනවලදී උතුරා යයි. ඒ සමගම රබර් වත්ත, ගෝමස් වත්ත, ජෙනුවින් පාක් මේ සියළුම ප්‍රදේශ යට කරමින් මෙම ප්‍රදේශවල ජනයා පීඩාවට පත්කරයි.
උද්ගෝෂණ, පෙත්සම්, මේ කිසිවක් මෙම පාලකයින්ට අදාල නැත.
නමුත් කෙසේ හෝ මේ අපරාධ වලට දඩුවම් ලැබිය යුතුය.
ජෙුනුයින් පාක් 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article