spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ කැතවැඩ කරන්නේ කාගේ හයියෙන්ද?

Must read

අඩි  25ක්  පමණ  පළලට   ගලාගෙන  ගිය  දෙඩා  ඇල  හලාවත  පාර  හරහා  පාර  යටින්  ගලාගෙන  ගිය  අතර  පාර  උඩින්  විශාල  යකඩ  බාර්  ඇදි  සහිත  පාලමක්  සකසා  තිබින.  පසුව  මේවා  ගලවා  දැමින. ඒවා  ඉබේ  ගැලවෙන්නේ  නැත.  මන්ද  සවි ශක්තියෙන්  යුතුව  සකසා  තිබුනු  බැවිනි.  ඇල  උඩ  ෂෙඩ්එකක්  හැදුවේ  ඉන්  පසුවය.  ඒ  හැදිල්ලට   ලංසා  ඇතුළු  තවත්  කිහිප  දෙනෙකු  සම්බන්ධ  බව  ජනතාව  දන්නා  ප්‍රසිද්ධ  රහසකි.මේ  අතර  සෙඩ්  එකෙන් අනික්  පැත්තේ  පරණ  යකඩ  බඩු  කුඩාවට  අටවාගෙන  තිබින.  දිනපතා  යකඩබඩු  කඩයේ  සුන්බුන්  ගලා‍ගෙන යන  ඇල  පැත්තට  වැටෙන්නට  විය.  මේ  අසල  තිබුනු  තේක්ක  ගසක  අතුද  කපා  මේ  ස්ථානයේ  ගොඩ  ගසාතිබුනේද  මෑතකදීය.  කෙමෙන් කෙමෙන්  ඇල  පටුවිය. යකඩ බඩුකඩය  විශාල  විය.

මෙහි  ප්‍රතිඵලය  අති භයානකය.  අපි  මීට පෙරද  මෙය  සදහන්  කළෙමු.  මේ  නිසා  තැබෑරුම්  වත්ත  වැසිදිනවලදී  උතුරා  යයි.  ඒ  සමගම   රබර් වත්ත,   ගෝමස්  වත්ත,  ජෙනුවින් පාක්  මේ  සියළුම  ප්‍රදේශ  යට  කරමින්   මෙම  ප්‍රදේශවල  ජනයා  පීඩාවට  පත්කරයි.  උද්ගෝෂණ,  පෙත්සම්,  මේ  කිසිවක්  මෙම  පාලකයින්ට  අදාල  නැත. නමුත් කෙසේ  හෝ  මේ  අපරාධ  වලට  දඩුවම්  ලැබිය  යුතුය.ඇලක් උඩ ෂෙඩ් එකක් ඇලක් උඩ ෂෙඩ් එක දළුපත ඇලක්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article