spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත පදික මාරුවට මේ විසඳුම ප්‍රමාණවත්ද?

Must read

IMG-20200128-WA0001මීගමුව , දළුපත දේවස්ථානය ඉදිරිපිට පදික මාරුවේ සිදුවූ බරපතල අනතුරු සම්බන්ධව පසුගිය දිනවල වගකිවයුතු ආයතන සහ ප්‍රදෙශවාසීන් අතර යම් කතිකාවක් නිර්මාණය වී තිබින . දිගින් දිගටම සිදුවූ මේ අනතුරු අතර පසුගිය දිනක දළුපත ප්‍රදේශයේ සිදුවූ තරුණයෙකුගේ මරණය මීට ආසන්නම හේතුව විය. මේසඳහා දළුපත දේවස්ථානයේ පියතුමාද දළුපත ප්‍රජාපොලිස් ඒකකයේදී මෙම ප්‍රශ්ණය අදහසක් ලෙස ඉදිරිපත් කරන ලදී . පළමුව සුපර්සෝනික් පදනම විසින්ද එහි අධිපති අනුර මහතා මාර්ග සංවර්ධන අධිකාරියට ලිපියක් ඉදිරිපත් කරමින් ඔවුන් මේගැන දැනුවත් කර තිබින . මේ අනුව මීගමුව පොලීසිය , මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනද මැදිහත් වී මේසඳහා යම් විසඳුමක් ලබාදීමට එකඟ විය. ඒ අනුව ඊයේ(27) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ස්ථානයේ පුවරුවක්ද සහිතව වර්ණ ගැන්වූ කනු කිහිපයක් සිටුවා පාරේ මැද කොටස සකසා තිබින .
නමුත් සමහර අය ප්‍රකාශකළේ මෙම විසඳුම මෙම ස්ථානයේ බරපතල තත්වය මත ප්‍රමාණවත් නැති බවයි. ඔවුන්ගේ අදහස වන්නේ වේග පාලනය සඳහා මීට වඩා දැනෙන දෙයක් කළයුතු බවයි . මාර්ග සංවර්ධන අධිකාරියේ මේ සම්බන්ධව තවත් සැලසුමක් තිබේදැයි අපි නොදනිමු . කෙසේ නමුත් මෙම ක්‍රියාමාර්ගය හෝ ගැනීම සම්බන්ධව ඔවුන්ට අපගේ ස්තුතිය පළ කරමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article