spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙරළ අද්දර ඉඳගෙන ඉඳල් හදන්න ඉරටු සුද්ද කරන ගාමිණි:

Must read

ගාමිණි

ගාමිණී ඉපදුනේ කුරුණෑගල. 1994 ගාමිණී මීගමුවේ, තලාහේන අක්කා ළඟට ආවා. ගාමිණීගේ රැකියාව වඩුවැඩ. ඒ නිසා ගාමිණිට අතින් කරන වැඩ හොඳට හුරුයි.
වඩුවැඩ නැති දවස්වල ගාමිණි ඉඳල්, හැඳි, වගේ දේවල් හදලා ගම පුරා රවුමක් ඇවිදල විකුණනවා.
පවුල ගැන කතා කරන්න ගාමිණී වැඩිය කැමති නැහැ. ඒ නිසා අපි ඒ ගැන ගාමිණී ගෙන් අහුවෙත් නැහැ.
දැන් හුඟාක් දෙනෙක් පාවිච්චි කරන්නේ පාලස්ටික් ඉඳල් සහ හැඳි.
ඒත්, ගාමිණීගේ ස්වාභාවිකව නිෂ්පාදන වලට තවමත් හොඳ ඉල්ලුමක් තියෙනවා.
සුමානයකට දවස් තුනක් ගාමිණී වෙරළේ අයියේ පොල්ගස් වලින් බිමට වැටිලා තියෙන පොල්අතු එකතු කරලා පොල්කොළ කපාගෙන ඉඳල් හදන්න ඉරටු සුද්ද කරනවා.received_2244357955861256

ඇත්තටම මිනිසුන්ට කරන්න දේවල් කොයිතරම් තියෙනවාද?
වෙරළ අද්දර ඉඳගෙන උදේට ඉරටු සුද්ද කරන ගාමිණී අපෙන් අහනවා.

ආශානෝ
28.01.2020

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article