spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත ප්‍රජා පොලිස් කමිටුව යලි නගා සිටුවීම !

Must read

citizen police commitee 1citizen police commitee 2

“මත් උවදුරින්  සහ  වෙනත්  අපචාර  වලින්  ගම  බේරා  ගනිමු,,  යන   තේමාව  යටතේ  2018-  10-  20  දින  මීගමුව  ,  දළුපත  ,  බහුකාර්්‍ය  පියසේදී  පැවැත්වූ   රැස්වීම  එහි  සභාපති  මාකස්  මහතා  සහ  ලේකම්  සුදාරි  මහත්මිය  ගේ  මෙහෙයවීමෙන්  පැවැත්වින.  මෙදින   විශේෂ   ආරාධිතයා  වූයේ   මීගමුව  පොලීසියේ  අපරාධ  අංශයේ  ස්ථානාධිපති   ආනන්ද  හේරත්  මහතාය.  මීට  අමතරව

*පො.කො.      රොහාන්  මහතා(58720)

*    පො.  කො.  තුෂාර  මහතා( 50953)

*  පො. කො.  සම්පත්  මහතා(38883)  යන  මහත්වරුන්  සහ  20ක  පමණ  පිරිසක්  සහභාගී  විය.මෙදින  ප්‍රධාන  කටයුත්ත  වූයේ  නිලමඩුල්ලක්  පත්කර ගැනීමයි.  ග්‍රාමනිලධාරී   සුදාරි  මහත්මිය  නිලබලයෙන්ම  ලේකම්  තනතුරට  පත්වූ  අතර  උප  ලේකම්  ලෙස  නිමල්සිරි  මහතා  පත්විය.  මාකස්  මහතා  නැවත  සභාපති  තනතුර  සඳහාද   උප  සභාපති  ලෙස  රෝලන්  ලෙස්ලි  මහතාද ,   භාණ්ඩාගාරික  තනතුරට  හේරත්මහතාද  පත්කර  ගත්  අතර  ඉන්අනතුරුව  9දෙනෙකුගෙන්  යුතු  කාරක  සභාවක්  පත්කර  ගන්නා  ලදී.එහි  සභාපතිවූයේ  සනත්  මහතාය.

මෙහිදී  සාමාජිකත්වයට  හැඳුනුම්පතක්  ලබාදීම  සහ  වෙනත්  ගැටළු  පිළිබඳව  සාකච්ඡා  වූ  අතර     මත්  උවදුර   ඇතුළු  අනෙකුත්  කරුණු   පිළිබඳව    ආනන්ද  හේරත්  මහතා   හරබර  කථාවක්  කරන  ලදී.   ඉන්පසු  ලේකම්  තුමියගේ  ස්තුති  කථාවෙන්  පසු  මසකට  වරක්  මෙම  රැස්වීම  සෑම   සෙනසුරාදාවකම   පැවැත්වෙන  බව  සිහිකැඳවමින්  සභාවේ  කටයුතු  අවසන්   කෙරින.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article