spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘දැන් හමුදාපති ඇති, කැබිනට් මණ්ඩලය තීන්දුගත යුතුයි’ – ඩිලාන්

Must read

හමුදාපති වරයාගේ භූමිකාව මේ මොහොතේ සෞඛ්‍ය බලධාරීන්ට ඉඩදියයුතු යැයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අවධාරණය කර සිටියි.   ඔහු මේ බව පැවසූවේ 24 සඳුදා ‘හිරු’ රූපවාහිනී නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිණි.   එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.   “හමුදා පතිවරයා කියනඑක වෙනුවෙන් මට පෙනී ඉන්න බැහැ. මොකද එතුමා හමුදාපතිවරයා. මේ කොවිඩ් රැල්ල පළවෙනියට ආපු වෙලාවේ එහෙම හමුදාවේ රණවිරුවොත් එක්ක එතුමා යම් වැඩකොටසක් එහෙම කළා.   දැන් මෙහෙමයි. වසංගත තත්වය අලුත් එකක් නේ. මට හිතෙනවා, සෞඛ්‍ය බලධාරීන් නොවන බලධාරීන්ටත් කරන්න පුළුවන් සීමාව දැන් උපරිමේ කරල තියෙන්නේ කියලා. මම හිතනවා දැන් තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන් සහ කැබිනට් මණ්ඩලය, රටේ ප්‍රධාන තීන්දු ගන්නා ආයතනය හැටියට ඒ දෙගොල්ලො එකතුවෙලා දැන් වහ වහා තීන්දු ගතයුතුයි.”  

කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ රටත් ජනතාවත් බරපතල අනතුරකට මුහුණදී සිටින බව අවධානනය කරමින්, වහාම කැබිනට් මණ්ඩලයට බලතල දෙන ලෙස හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද මැයි 10 දා  විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටියේය.   ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් නිසා වියහැකි යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකර තිබිණ.    එවැනි සාධාරණ සැකයක් මතුව ඇත්තේ, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය මුළුමනින් ම නොතකා හරිමින්  ඔහුගේ සමීපතමයන් කිහිපදෙනෙකු සමග එක්ව රට පාලනය කරමින් සිටින බවට ආණ්ඩුවේ ප්‍රබලයින් වෙතින් කනස්සල්ලක් පළවෙමින් තිබෙන තත්ත්වයක් තුලය.    මහින්දවාදියකු වන ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය තුලින්ද පැහැදිලි වන්නේ එයයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article