දිට්වා තත්ත්වය නිසා සුළු හානි සිදු වූ මිගමුවේ පවුල් 345ක් සඳහා ලක්‍ෂ 02 බැගින් ලබාදෙයි

0
32

( 6.30 am ) මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා ආපදා තත්ත්වය නිසා සුළු හානි සිදු වූ තවත් නිවාස 345ක් සඳහා ලක්‍ෂ 02 බැගින් ලක්ෂ 690 ක ආපදා චෙක්පත් බෙදාදීම අද දින සිදුකරන ලදි.
‎මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය නගරාධිපති ෆසීර් මොහොමඩ් මහතාද නාගරික මන්ත්‍රී මැක්සිමස් රොද්‍රිගෝ,ලෙස්ටර් ජයකොඩි යන මහත්වරුන් ද,මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සම්බන්ධ විය.

‎පසුගිය වසරේ අගභාගයේ මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටුව අපට අහිමි කළ දේ බොහෝය.නොසිතූ පරිදි ජලාශ සහ ගංගා පිටාර ගැලීමෙන් පමණක්ම ජීවිත මෙන්ම දේපළ රැසක් විනාශ විය. නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුළු මහජනයා බොහෝ වෙහෙස-මහන්සියෙන් ගොඩනඟාගත් බොහෝ දෑ ඇස් ඉදිරිපිටම මිහිදන් විය නැති නම් සැඩ පහරේ ගසාගෙන ගියේය.

‎යළි ගොඩනැඟීම ශාරීරිකව පමණක් නොව මානසිකවද අභියෝගාත්මකය. එහෙත් අහිමි වූ ජීවිත හා දේපළ මෙන්ම අමතක කළ නොහැකි මතකයන් සමඟ ජීවිතය යළි ගොඩනඟාගෙන පෙර පැවති තත්ත්වයටත් වඩා යහපත් ජීවිතයක් ඔවුන්ට හිමි කර දීමට වැඩසටහන් රැසක් තවමත් රට පුරා රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here