spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිනපතා සිදුවන කොරෝනා මරණ ගණන 200 කට ආසන්න වෙයි ?

Must read

මෙරටින් එක් දිනකදි වාර්තා වු වැඩිම කොරෝනා මරණ ගණන පසුගිය 18 වෙනිදා වාර්තා වි තිබුණි. 186 ක් වු ඒ පිරිස අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුනේ 111 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 75 දෙනා කාන්තාවන්ද වන බවය.
මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු ආසාදිතයින් 04 දෙනෙකු සිටී.
ඉන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර එක් අයෙකු කාන්තාවක් වේ.
මේ අතර මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 147 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
මිට සති කිපයකට ඉහතදි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින්ද ඉතාමත් නිවරදිව පුරෝකතනය කර තිබුන පරිදි දිනකට මිය යන ගණන මේ වන විට 200 කට ආසන්න වෙමින් තිබේ. එම තත්වය එලෙසින්ම දිගටම පවතින්නේ නම් මසකට මිය යන ගණන 6000 විමට බොහෝ දුරට ඉඩ තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article