spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාදඩ දේශපාලනයට එරෙහි කතෝලික සභාවේ සටන කොයිබටද ?

Must read

පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අවංකව හෙළිදරව් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසා තිබුණි.ඒ් අද (19) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය දැනුවත් කිරීම පැවැති හමුවකදිය.



පාස්කු ප්‍රහාරයේ විමර්ශන කොමිසම් සභාවේ නිර්දේශ අනුව එම සිදුවීමේ වගකීම පැහැර හැරි නිලධාරීන් සහ දේශපාලනඥයින් පිළිබඳ රජය කිසිවක් කතා නොකරන බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කර තිබුන අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශ කටයුතු නිසි පරිදි සිදු කරන්නැයි බල කරමින් අනිද්දා(21) රට පුරා කළු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද පියතුමන් විසින් කියා ඇත.

හිටපු නීතිපතිවරයා පැවසූ අන්දමට මේ ප්‍රහාරය පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට විශ්වාස කිරීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කරන ලද අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොව දැනට මතුව තිබෙන සෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම රජය දරන ආකල්පය සමාන බව ද පියතුමන් වැඩිදුරටත් කියා තිබුණි.

පමා වි කතෝලික සභාව ජඩ දේශපාලකයන්ට ඒරෙහිව ඇගිල්ල දිගු කරන්නට පටන් ගෙන තීබිම ගැන ඇතැම් ප්‍රගතිශිලි කිතුණුවන්ගේද යම් බලාපොරොත්තුවක් මතුව තිබුණද අති බහුතරයක් වු කිතුණු ප්‍රගතිශිලි සමාජය කතෝලි සභාවේ මැදිහත්විම ගැන බලන්නේ සැකයෙනි. ඒ් මන්දයත් ඉතිහාසය පුරාම ජනතාව විසින් ජිවිත පරිත්‍යාගයෙන් කරගෙන ගිය අරගලය තිරාණාත්මක තැන්වලදි කතෝලික සභා නායකත්වය විසින් ඉතා පැහැදිලි ලෙස පාවා දි තිබුණි.

ඉරණවිල සටනට මෙයට පැහැදිලිම නිදසුනක් වන අතර නිදහස් වෙළද කලාපයේ රොෂේන් ඝාතනයට අදාලව පවා ඒ් දේහය මිහිදන් කිරිමේ කටයුතු වලදි කතෝලික සභාව කටයුතු කළ අන්දම ගැන ගැටළු රැසක් මතුව තිබුණි.
අගෝස්තු 21 වනදාට මාස 28 ක් පිරෙන පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරන ලෙස බල කරමින් පැවැත්විමට නියමිත විරෝධතා වැඩසටහනේදි තෝරගෙන ඇති රටපුරා කළු කොඩි දැමිමේ වැඩපිළිවෙල කොයිතරම් ජනතා ප්‍රතිචාරයක් ලබාගැනිම වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් කතෝලික සභාවට ඇතිද යන්නද මේ වන විට ගැටළු සහගත වි ඇත.

විරෝධයක් මේ සමාජය තුල ලකුණු කිරිම සදහා කළු කොඩි දමන්නේ සැබැවින්ම එය දැනෙන එකක්ම විය යුතුය. එය ඒසේ නොවන්නේ නම් ඉන් කියැවෙනු ඇත්තේ කුමක්ද ?



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article