spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දූෂිත මිගමුව මහනගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව පරාදයි !

Must read

මිගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂය සුපුරුදු පරිදි අන්ත දුෂිත ලෙසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන ටෙන්ඩර් ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේදි ගොනු කළ නඩුවේ තීන්දුව අද ලැබි ඇතැයි විපක්ෂ නගාරික මන්ත්‍රිවරයෙකු මිපුර අමතා ප්‍රකාශ කර සිටියේය .

ඒ් අනුව පුස්තකාල ටෙන්ඩරයද අහෝසි කොට නැවත ටෙන්ඩර් කරන ලෙස නිය‌ෝග ලැබි ඇත. එමෙන්ම මිගමුවේ වඩාත්ම කුප්‍රසිද්ධ ටෙන්ඩරය වු බිච් පාක් එක සහ පොලවල් වසර 3 නකට බදුදිමට මිගමුව නගරාධිපති ඇතුලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මණ්ඩලය ගෙන තිබු තින්දුවද අහෝසි කොට නියෝග කර ඇත්තේ මාස 6 ක් ඇතුලත නිත්‍යානුකූල ලෙසින් යළිත් ටෙන්ඩර කැදවන ලෙසය.

මෙම නඩුව තින්දුව පිළිබදව මිගමුව මහනගර සභාවේ නාගරික ලේකම්ගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ ඒ් ගැන කිසිවක් ඔහු නොදන්නා බවය.ඒමෙන්ම නිති නිළධාරිණියගෙන් අප කළ විමසිමකදි ඇය කියා සිටියේ නගර සභාව කිසිදු නඩුවක් පරාජය වි නොමැති බවය.
අප ඇයගෙන් පෙරළ විමසා සිටියේ ඒසේ නෙම් කුප්‍රකට බිච් පාක් ටෙන්ඩරය ද ඇතුල ප‌ොළවල් පිළිබද ටෙන්ඩරය මාස 6 ක් කාලය තුල නැවත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියොග කරන ලද්දේ ඇයිදැයි යනුවෙනි .

මහනගර සභාව වෙනුවෙන් මෙම නඩුවට පෙනි සිට තිබුනේ ජනාධිපති නිතිඥ විජේදාස රාජපක්ෂය.

මෙම දුෂිත ටෙන්ඩර ගණුදෙනුවට වක්‍රව සහය පලකරමින් එජාප නාගරික මන්ත්‍රිවරුන් 11 දෙනෙකු මේ ටෙන්ඩර ගැන තින්දු ගනු ලැබු මහසභාවට නොපැමිණ මගහැර තිබුණි.
මේ පිරිස අතර පසුගිය කාලයේ සජබට සහය දුන් මන්ත්‍රින්ද වෙති.

එමෙන්ම එජාප මිගමු සංවිධායක බෙන්ජමින් මෙන්ම විපක්ෂ නායක රොයිස් විජිතද මෙම තීරාණාත්මක මහසභාවට පැමිණ තිබුනේ නැත.

ඒ් අනුව ලංසා පවුලේ ඔඩොක්කුවට නොවැටි බදු ගෙවන ජනයා වෙනුවෙන් පෙනිසිටිමින් නඩුව පැවරිමට කටයූතු කරතිබුනේ එජාප නාගරික මන්ත්‍රිවරුන් වන සංගිත් පෙරේරා, සුමිත් ප්‍රනාන්දු, චාමර ප්‍රනාන්දු, නාමල් වේවැල්දෙණිය , කාංචනා යන නාගරික මන්ත්‍රිවරිය සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රි කපිල නන්දසුලෝචන විසිනි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article