spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලකයන් විසින් නීති කඩමින්, කොරෝනා බිය සමාජයෙන් තුරන් කරමින් සිටියදි කන්දගාඩුවෙන් දෙවන රැල්ලක් ?

Must read

stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835කොවිඩ් පිළිබදව පැවැති සමාජ බිය ක්‍රමයෙන් පහව යමින් තිබියදි යළිත් සමාජය වෙත බිය කැදවාෙගන ඒමට කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ දිනයේ රෝගින් 57 දෙනෙකු වාර්තාවිම හරහා සිදුව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වඩාත් නිවරදිව අවධාරණය කර පරිදි කොරෝනා දෙවන රැල්ලක සේයාවක් දැන් මතුව එමින් තිබේ.
මේ වන විට එය වයඹ පළාතේ ප්‍රදේශ කිපයක්ම අවධානමට ලක්කරමින් තිබේ.

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (9) දිනයේ තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක කාන්තාව පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

මාරවිල රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේ දී ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මේ වන විට ඇයගේ සමීපතමයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇති බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය අද දෙරණ කළ විමසුමකදී තවදුරටත් පැවසීය.අදාළ කාන්තාව 27 හැවිරිදි අවිවාහක කාන්තාවකි.ඇය පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි පසු උණ, කැස්ස වැනි කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වී ඇති අතර පසුව ඇය සිය නිවස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඇයගේ රෝග ලක්ෂණ යටපත් වී ඇති නමුත් ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිට පැමිණි අයෙකු බැවින් ඇය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට කටයුතු කළ බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

පසුව අදාළ කාන්තාව පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර අද (09) දිනයේ ඇය කොවිඩ්-19 ආසාදිතයෙක් බව හඳුනාගෙන ඇත.මේ අතර අදාළ කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

එහිදී ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අයත් කැබ් රථයකින් පොළොන්නරුව බලා පැමිණ ඇති අතර පොළොන්නරුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ ඇත.පසුව කුරුණෑගල-මීගමුව බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.දංකොටුවේ සිට නැවතත් බස් රථයකින් ඇය නාත්තන්ඩියට පැමිණ තිබේ.කෙසේවෙතත් ඇය මුඛ ආවරණයක් පැළඳගෙන මෙම බස් රථවල ගමන් කර ඇති බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මෙම ආසාදිත කාන්තාවගෙන් කොවිඩ්-19 වෛරසය සමාජයට පැතිරයාම වැළැක්විම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

තතු මෙසේව තිබියදි විශේෂයෙන්ම මැතිවරණ රැස්විම් වලදි දේශපාලකයන් හෝ එහි පැමිණෙන අයවලුන් හෝ අතිබහුතරයක් දෙනා කිසිදු ආකාරයක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන බවක් නොපෙනේ.
මෙය ඉතාමත් බියකරු තත්වයක් සමාජය තුල නිර්මාණය කිරිමට බලපානු ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article