ධීවර කර්මාන්තය තුළ ඉන්දීය බලහත්කාරය එරෙහිව මැදිහත් වන්න- ජන අරගල ව්‍යාපාරය

0
86

ධීවර අමාත්‍යංශ සාකච්ඡාව ✌️

ආසන්නතම සිදුවීමක් ලෙස ඉකුත් 26 වන දින යාපනය – පලාලි වලින් ධීවර කටයුතු වලට පිටත් වූ මෙරට ධීවර කණ්ඩායමකට ඉන්දීය ධීවරයින් පහරදී වයස අවුරුදු 27ක දයාශාන්ත් යන පුද්ගලයාව ඉන්දියාවට පැහැරගෙන ගොස් ඇත. ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බවත් මේ වන විටත් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට සාධනීය මැදිහත්වීමක් නොවන බවත් ඉතාම පැහැදිළිය. එමෙන්ම ඔහුට ඉදිරියේදී කුමක් සිදු වනු ඇතිදැයි කිසිවෙකු දන්නේ නැත. එනිසාම ජන අරගල ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය එක්ව අද(30) දින ධීවර අමාත්‍යාංශයට සම්බන්ද වී මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

FB IMG 1777547949079 FB IMG 1777547955660 FB IMG 1777547959168

සාකච්ඡාව සඳහා ධීවර කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ද වූ අතර අප විසින්
-දැනට මේ සඳහා රජය කර ඇති මැදිහත්වීම සහ පවුල් වලට නිළ තොරතුරු දැනුම් දීමක් නොකළේ මන්දැයි විමසු අතර එහිදී ඔහු පවසා සිටියේ තමා මෙය සමාජමාධ්‍ය වලින් දුටු බවත් විධිමත් ලෙස පැමිණිල්ලක් තමාට නොලැබුණු බවත්ය. ඉන් පසු අප විසින් පලාලි පොලීසියට ඔහුගේ පවුලේ අය පැමිණිලි කළ බව දන්වා සිටි අතර එයද ඔහු නොදත් බව පවසන ලදී. මෙවැනි ගැටලුවකට මැදිහත්වීමම රාජ්‍යතාන්ත්‍රිකව කිරීම අමාත්‍යංශ වගකීමක් බව අප අවධාරණය කළේය.

ඉන්පසු ඔහු කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් ලබා දී මේ පිළිබඳව කරුණු විමසීමක් කරන ලදී. කඩිනමින් මෙම ගැටලුවට මැදිහත් වීම සඳහා වූ යෝජනා අප ලිපියකින් දැනුම් දෙන ලදී.

තවද මෙරට මුහුදු සීමාවට ඉන්දීය මහා පරිමාණ ධීවර යාත්‍රා මුහුදු සීමා උල්ලංඝනය කරමින් පැමිණ මත්ස්‍ය සම්පත කොල්ල කෑම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන්නක් නිසාත් පැවති සෑම රජයක්ම මෙයට ඉඩහැර හෝ අඩු අවදානයක් යොමු කර මැදිහත් නොවී සිටීම දැකගත හැකි නිසාත් NPP ආණ්ඩුවේ මැදිහත්වීමද ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළේය. මෙම තත්වය නිසාම මෙරට මත්ස්‍ය සම්පත කොල්ල කෑමේත් – ස්වරීත්වයට බලපෑම් කිරීමේ ඉන්දීය න්‍යාය සහ ඉන්දියාවේ බලපෑමට මෙරට ආණ්ඩු යටවීමේ න්‍යාය හොඳින් හදුනාගත හැකි නිසා ඒ පිළිබඳව කරුණු විමසීමද සිදු කරන ලදී.

හුදෙක් මෙම ගැටලුව මෙවැනිම ඉන්දීය පීඩිත ධීවරයින් සම්බන්ද ගැටලුවක් නොවන අතර බලහත්කාරී ඉන්දීය මැදිහත්වීම හා මහාපරිමාණ ටෝලර් යාත්‍රා සිදු කරන බලහත්කාරයට වත්මන් ආණ්ඩුවද නිහඩව සිටීමකි. එනිසා මෙම ගැටලුවට කඩිනම් මැදිහත්වීමක් සහ ධීවර කර්මාන්තය තුළ ඉන්දීය බලහත්කාරය එරෙහිව මැදිහත් වන ලෙසද අවධාරණය කරන ලදී.

-ජන අරගල ව්‍යාපාරය-
2026.04.30
———————————————-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here