spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නම් ගම් විෂයන් සහිත අද දිවුරුම් දුන් සම්පූර්ණ කැබිනට් මණ්ඩලය මෙන්න

Must read

 ඇමති මණ්ඩලය

අභිනව රජයේ නව කැබිනට් මණ්ඩලය මීට සුඵ වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් 42 දෙනෙකු අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබූහ.

එහිදී දිවුරුම් දුන් ඇමැතිවරුන් සහ ඔවුන්ගේ විෂයන් මෙසේය.

01. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
02. සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය – ජෝන් අමරතුංග මහතා.
03. තිරසාර සංවර්ධනය සහ වනජීවි අමාත්‍ය – ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා.
04. ප්‍රවාහන අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා මහතා.
05. සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය – එස්.බී. දිසානායක මහතා.
06. කම්කරු සහ වෘත්තී සමිති සබදතා අමාත්‍ය – ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා.
07. විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.
08. ආපදා කළමණාකරන අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා මහතා.
09. තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය – සුසිල් ප්‍රේම්ජයන්ත මහතා.
10. නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය – තිලක් මාරපන මහතා.
11. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය – රාජිත සේනාරත්න මහතා
12. මුදල් අමාත්‍ය – රවී කරුණානායක මහතා
13. නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය – මහින්ද සමරසිංහ මහතා.
14. ස්ව‍දේශ කටයුතු අමාත්‍ය – වජිර අබේවර්ධන මහතා.
15. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය – එස්. බී. නාවින්න මහතා.
16. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය – පාඨලී චම්පික රණවක මහතා.
17. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය – මහින්ද අමරවීර මහතා.
18. වැවිලි කර්මාන්ත අමාත්‍ය – නවීන් දිසානායක මහතා.
19. විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය – රංජිත් සියඹලාපිටිය මහතා.
20. කෘෂිකර්ම අමාත්‍ය – දුමින්ද දිසානායක මහතා.
21. බුද්ධශාසන අමාත්‍ය – විජේදාස රාජපක්ෂ මහතා.
22. ග්‍රාමීය ආර්ථික අමාත්‍ය – පී. හැරිසන් මහතා
23. රාජ්‍ය පරිපාලන කළමණාකරන අමාත්‍ය – රංජිත් මද්දුම බණ්ඩාර මහතා.
24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය – ගයන්ත කරුණාතිලක මහතා.
25. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය – සජිත් ප්‍රේමදාස මහතා.
26. වරාය හා නාවික කටයුතු අමාත්‍ය – අර්ජුන රණතුංග මහතා.
27. ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා.
28. කදුරට සංවර්ධන සහ නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය – පලනි දිගම්බරම් මහතා.
29. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය – චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය.
30. විදේශ රැකියා අමාත්‍ය – තලතා අතුකෝරළ මහත්මිය.
31. අධ්‍යාපන අමාත්‍ය – අකිල විරාජ් කාරියවසම් මහතා.
32. පුනරුත්ථාපන, හින්දු කටයුතු සහ නැවත පදිංචිකිරීම් අමාත්‍ය – ඩී. එම්. ස්වාමිනාදන් මහතා.
33. ඛණිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු – චන්දිම වීරක්කොඩි මහතා.
34. ක්‍රීඩා අමාත්‍ය – දයාසිරි ජයසේකර මහතා
35. දක්ෂිණ සංවර්ධන අමාත්‍ය – සාගල රත්නායක මහතා.
36. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතා.
37. ජාතික සංවාද අමාත්‍ය – මනෝ ගනේෂන් මහතා.
38. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය – දයා ගමගේ මහතා.
39. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය – රිෂාඩ් බදූර්දීන් මහතා.
40. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය – කබීර් හෂීම් මහතා.
41. ජල සම්පාදන සහ නගර සැලසුම් – අමාත්‍ය රවුප් හකීම් මහතා.
42. තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු – අබ්දුල් හලීම් මහතා.

Home

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article