spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නව ජිවන රටාවක් උදෙසා මාර්ගෝපදේශ මාලාව හුදු වාක්‍ය රචනයක් පමණි !

Must read

100051230_10222159688598133_621116081330716672_nනිරෝධායන නිතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් දේශපාලකයන් පිස්සු කෙලින අන්දම පිළිබදව මේ දිනවල පුලුල් සංවාදයක් සමාජ මාධ්‍ය තුල මෙන්ම රටේ බුද්ධිමත් පුරවැසියන් අතරද මතුව තිබේ.
ඉන් පැහැදැලි වන්නේ ඇතැම් පොලිස් ලොක්කන් මාධ්‍ය හමුවට පැමිණ රටේ ජනයා වෙත කරමින් තිබෙන කරනු ලබන නියෝග දැන් නිකන්ම නිකන් විහිළු පමණක් බවට පත්ව ඇති අයුරුය.
මේ දිනවල ඇමති තොණ්මන්ගේ මළගෙය රෝඩ් ෂෝ එකක් බවට පත්කරගෙන තිබිම ගැන රටේම ජනයා කථාකරන්නේ පිළිකුලෙනි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ ඉතා නිවරදිව සටහන් කර ඇති පරිදි සෞඛ්‍ය ලොක්කන්ගේ නියෝගවලින් පුරවැසියන් පමණක් පිඩාවට පත්වන අතර මේයට අදාලව කටයුතු නොකරන බොහෝ දෙනෙක් රිසි සේ තමන්ගේ කටයුතු කරන බවද එහි සදහන්ය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව ජිවන රටාවක් උදෙසා යැයි කියමින් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මාලාවද හුදු වාක්‍ය රචනයක් මිස ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි එකක් බව ශ්‍රිලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
newswire.lk විසින් පළකර ඇති පුවතක මෙම නිවේදනය පළකර තිබුණි.101367984_4619097511437426_1274432382883069952_nFB_IMG_1590779920384

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article