spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව HQI ගේ රාජකාරී අවංකකම ගැන සැකයක් !

Must read

101461015_3235560099842466_1505323747337306112_n පසුගිය මැ‍යි 07 වෙසක් පෝය දින මීගමුව පෙරියමුල්ලේ දි සුරතල් සුනඛයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 26 දා සිට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය මැයි 29දා (ඊයේ) නියෝග කළාය.
මෙහි දී අධිකරණ නියෝගයක් මත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් මීගමුව පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා කියා සිටියේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීගමු පොලීසිය සිදු කළ පරීක්ෂණ වල ද අඩු පාඩු පවතින බවය. මෙම ඝාතනය සඳහා යොදා ගෙන තිබූ ගිනි අවිය මෙවර ද අධිකරණය හමුවට ඉදිරිපත් කොට නොතිබිණ. ඒ අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාගේ රාජකාරිමය අවංක භාවය පිළිබඳව තමන් තුළ බරපතල ගැටළු පැන නැඟී ඇතැ‍යි පවසන මීගමුව ප්‍රදේශ වාසීහු මෙය පොලිස් පති වරයාගේ ද විමර්ශනයට ලක්විය යුතු කරුණක් බව කියති.

කෙසේ නමුදු මෙම ඝාතනයට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු ලබන ජූලි 6 වනදා මෙම නඩුව යළි කැඳවීමට තීරණ‍ය කළ අධිකරණය විසින් එතෙක් වින්දිතයන් ගේ පාර්ශවයට කිසිදු බලපෑමක් නොකරන ලෙස සැකකරුට තරයේම අවවාද කරන ලදී .

නමුදු යමකු නීතියේ ඇසට වැලි ගසා නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගන්නේ නම් එය මහජන ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව මීගමුව ප්‍රදේශ වාසීන් ගේ මතයයි.


උපුටා ගැනීම – ලංකා ඊ නිව්ස්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article