spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘වොයිස්කට්’ සාදු කෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්!

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළකා කොළඹ දිසා අධිකරණය ඊයේ (28)මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ දින 14 ක කාල සීමාවකට අදාලවය.

මෙම නඩුව යළි ජූනි මස 11 වැනිදා කැදවීමට නියම කෙරුණු අතර, කොළඹ දිසා අධිකරණය පිස්කල් නිලධාරීන් මාර්ගයෙන් අදාල නියෝගය ඊයේ (28) දිනයේම මැඩිල්ලේ හිමියන් වෙත භාර දුන් බව වාර්තා වේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා ‘පොහොට්ටු’ පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තුවේ ඉහලින්ම සිටින අයකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයෙකි.

කෙසේවුවද රාජපක්ෂ පාලනයට සහය දක්වන හිමිවරුන් කිහිප නමක් පසුගිය දින කිහිපයේම මාධ්‍ය සාකච්ජා පවත්වමින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුහ.

බහුතරයක් මුස්ලිම්වරුන් ආණ්ඩුවට පක්ෂපාත නොවන මොහොතක රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් විශේෂයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රිට හෝ මුසම්මිලාට පවා කුලි පදනමින්  ‘වොයිස්කට්’ දෙන අන්තවාදීන්ගෙන් කිසිඳු ගැලවීමක් නොමැතිබව උන්වහන්සේලාගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article