spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාගා දැන් කියන කථාව : චෝදනාව මහේෂ් ප්‍රමුඛ ජාතික ජනතා ව්‍යාපාරයට

Must read

index

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කාලයක් තිස්සේ ප්‍රකාශ කල නිතීවේදි නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙවර ජනාධිපතිවරණය සදහා ඇප තැන්පත් කිරීමක් හෝ නාමයෝජනා භාර දීමක් සිදුනොකිරීමත් සමග ඔහුට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේච එල්ල වීම ආරම්භ විය. එයට මූලිකම හේතුව වූයේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සදහන් කරමින් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වීමයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අදහස් දක්වන නාගානන්ද මහාතා පවසන්නේ තමන් එක්තරා දේශපාලන පක්ෂයක කුමන්ත්‍රණයකට හසු වූ බවයි. එම පක්ෂය විසින් සිකුරාදා දිනයේ දහවල් 12 පමණ වන විට තමන් වෙනුවෙන් නාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත් කරන බව සදහන් කලද එදිනම සවස 4ට පමණ තමන් ඇමතූ ඒ පක්ෂයේ ලේකම්වරයා.තමන්ට එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට එක්වීමට නොහැකි බව සදහන් කල බවද නාගානන්ද මහතා පවසයි.

එමෙන්ම තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වූයේ ජනාධිපතිවරණ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ඇතුළු ජාතික ජනතා ව්‍යාපාරයේ කුමන්ත්‍රණයක් හේතුවෙන් බවටද ඔහු චෝදනා කරයි. ඒ සම්බන්දයෙන් තමන් සමාජ මාධ්‍ය හරහා පැමිණිල්ලක් කල බවද ඒ මහතා පවසයි.

නමුත් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ජාතික ජනතා ව්‍යාපාරයේ මහලේකම් ගාමිණී ගුණවර්ධන මහතා පවසන්නේ පදනම් විරහිත චෝදනා නොකරන ලෙසටයි.එමෙන්ම තම දේශපාලන ව්‍යාපාරය මහත්මා දේශපාලන ව්‍යාපාරයක් බවටද ජාතික ජනතා ව්‍යාපාරයේ මහලේකම් අවධාරණය කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article