spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාමල් හදන්නේ කෙහෙලියව රකින්නද?

Must read

වහාම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඇති ගැටළුවලට විසදුම් ලබාදිය යුතුයි.ඇමැතිවරු වෙනස් කිරීමෙන් පමණක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ යැයි පසුගියදා නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව ඔහු සඳහන් කර තිබුණි.


ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.
“ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතුය,” ඒ වගේම මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතුබවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කළ යුතු දැයි විමසූ විට රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් ගැටලු විසඳිය නොහැකි බවයි.

මේ අතර පසුගිය කාලයේ රෝහල් තුල සිදුවු මරණ සම්බන්ධයෙන් කෙහෙලිය ඇමතිවරයා වගකිවයුතුව ඇතැයි යන මතය මේ වන විට සමස්ත සමාජය තුලම තහවුරු වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article