spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනගේ ටෙලිවිෂන් උපදෙස් පාරේ පොලිස් පොඩ්ඩන්ට වලංගු නැතිලු ?

Must read

1588211153-Ajith_Rohana_Lනියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් පසුගිය දිනක ඉතා පැහැදිලි ලෙස කොළඹ  මෙන්ම අන් ස්ථානවලද සේවය සදහා පැමිණෙන අයට ආදාල ආයතනයේ ලියුමක් ප්‍රමාණවත් බව කියා තිබුණි. එපමණක් නොව එය තවත් සරල කරමින් වැඩට එන ලෙස දැන්වු කෙටි පණිවිඩයක් වුව ප්‍රමාණවත් යැයි කියන්නට යෙදුණි.
එහෙත් බොහෝ මංසන්ධිවල සිටින ඇතැම් පොලිස් පොඩ්ඩන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනගේ උපදෙස් පයිසෙකට ගණන් නොගෙන විවිධ අය වෙත පාට් දැමු අවස්ථා ගණනාවක්ම පසුගිය දිනක වාර්තා විය.
නිදසුනක් ලෙස දිනක් කටාන පොලිසියට අයත් පොලිස් පොඩ්ඩන් පිරිසක් කොලඹ සේවය සදහා මෝටර් රථයකින් යන අයෙකු වෙත කියා තිබුනෙ ඔහුගේ ඇදිරි නිති බලපත්‍රය යළිත් දිර්ඝ කරගත යුතු බවය.,
පසුව ඔහු අජිත් රෝහන විසින් කරන්නට යෙදුන පැහැදිලි කිරිම ගැන කිවද එය පයිසෙකට මායිම් නොකළ මේ පොඩ්ඩන් කියා තිබුනේ හෙට මේකෙන් ආවොත් අත්අඩංගුවට ගන්නා බවය.
මේ හේතුව නිසා පසුදා නිවාඩුවක් දමා යළිත් ඇදිරි නිති බලපත්‍රයක් ගැනමට අර තැනැත්තාට සිදුව තිබුණි.Screenshot_20200513_183540
දැන් තවත් කථාවකි.
ඔහු නළුවෙකි.
ඒත් කටාන ප්‍රදේශයේම විය යුතුය.
මුහුණු පොතේ ඔහු කියා තිබුනේද එවැන්නකි. අජිත්ගේ නියෝග මේ අනුව පෙනි යන්නේ මුලින්ම ඉගැන්විය යුතුව ඇත්තේ පාර සිටිනා පොලිස් පොඩ්ඩන් හටය.
නැතිනම් ඇත්තටම සවුත්තු වන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article