spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝෂන්ගෙන් වෙන්නප්පුවට හැට පැන්න ජොකියෙක් ?

Must read

niroshan perera
niroshan perera

මේ දිනවල එළඹෙන මැතිවරණය වෙනුවෙන්  අපේක්ෂකයන් සඳහා නාමයෝජනා ලබාදීම එජනිස යෙන් මෙන්ම එජාපයෙන් ද සිදුකරමින් සිටියි. පුත්තලම් දිස්ත්‍රික්කයේ  වෙන්නප්පුව ආසනය වෙනුවෙන් නාමයෝජනා සදහා නම් තේරීමේදී  තමන්ට අභියෝගයක් නොවන පුද්ගලයන් තේරීමට නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා විසින්  වෙහෙස වන බව වාර්තා වේ.  ප්‍රදේශයේ එජාප  අාරංචි මාර්ග වලට  අනුව නිරෝෂන් පෙරේරාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රීලාල්  මහතාට ද  මැතිවරණයට ඉදිරිපත්කරවිමේ උත්සාහයක් ඇති බවටද ප්‍රදේශයේ කසුකුසුවක් පවතී. තමන්ට මනාප ජන්ද අඩුවිය හැකි නිසා වෙන්නප්පුවෙන් කිසිම එජාප ක්‍රියාකාරිකයෙකු ට නාමයෝජනා නොදී  සිටිමට උත්සාහයක් නිරෝෂන් පෙරේරා විසින් දරන අතර  මේ හේතු නිසා හිටපු වෙන්නප්පුව ප්‍රා. සභා විපක්ෂ නායක සරත් වික්‍රමරත්න මහතාට නාමයෝජනා  නොලැබීමේ තත්ත්වයක් ඇති විය හැකි බවටද සැකයක් පවතී. ප්‍රදේශවාසීන් පවසන්නේ  වෙන්නප්පුව ආසනයෙන්  ප්‍රා. සභා මන්ත්‍රී සරත් වික්‍රමරත්න මහතා ඉදිරිපත් නොවුණහොත් එය සන්ධානයට විශාල වාසියක් වනු ඇති බවයි. එමෙන්ම ශ්‍රීලාල් යනු  ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් හෝ පසුගිය කාලයේ  ප්‍රසිද්ධ දේශපාලනයේ නියලුන පුද්ගලයෙකු නොවේ. එබැවින් ඔහුව ඉදිරිපත් කළොත් අනිවාර්්‍යයෙන්ම පරදින බව දැන්මම අනාවැකියක් කිව හැකිය.

ෆයස් ප්‍රනාන්දු / වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article