spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිව් ඩයමන්ඩ් ගින්න පාලනයට ජලය ලීටර් හාරලක්ෂ හතලිස්දහසක්…..

Must read

ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නැවේ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව විසින් නැව මතට  බමිබි බකට් ආධාරයෙන්   ජලය ලීටර් හාර ලක්ෂ හතලිස් දහසක්(4,40000) පමණ ඉස ඇති බවට ගුවන් හමුදාව ප්‍රකාශ කරන බව දිණමිණ වාර්ථා කොට තිබුණි
එමෙන්ම  අවස්ථා 176ක දී ගුවන් යානා යොදා ගනිමින් නැව මතට හෙළා ඇති වියළි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රැම් 4500 ක් පමණ වන බවද වැඩිදුරටත් එහි සඳහන්ය

නෞකාවේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් නිළධාරීතුමාගේ උපදෙස් පරිදි ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකව තිබුණ අතර මේ වන විට දින 07ක් පුරාවට ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝණයට අයත් බිච් කින් 200(Beech King 200 )නිරීක්ෂණ ගුවන් යානයක්,අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ,අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 08 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලඝණයට අයත් Y12 ගුවන් යානයක් යොදා ගෙන ඇත

මේ අතර MT New Diamond“නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද (09) නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙන බැව් අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන වර්ගය තහවුරු කරගැනීම සඳහා පර්යේෂණාගාර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් එහි සදහන්ය

ඊයේ(08) මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමට පියවර ගත් අතර කිමිඳුම්කරුවන් අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒවා නෞකාව සඳහා භාවිත කරනු ලබන ඉන්ධන බවට අනාවරණය වී ඇති බව සඳහන් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article