spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙවැනි පාලක පක්ෂයක් මිනීමරුවන් පාර්ලිමේන්තුවට ගෙන ඒම ගැන පුදුම විය යුතුද?

Must read

118696615_10219963095602007_1762892597452668855_nමිනීමැරුම් චෝදනාවකට මරණ දඬුවම  නියම වූ දේශපාලනඥයෙකු වන ප්‍රේමලාල් ජයසේකර  ඊයේ  බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි  විපක්ෂයේ දෝෂාරෝපණ මධ්‍යයේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන ලදී.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පක්ෂයේ සාමාජික  45 හැවිරිදි ප්‍රේමලාල් ජයසේකර 2015 අගෝස්තු මාසයේදී  මැතිවරණ රැලියකට වෙඩි තබා  විපක්ෂ ක්‍රියාකාරිකයෙකු ඝාතනය  කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබීය. 2020 අගෝස්තු 5 වන දින පැවති  පාර්ලිමේන්තු මැතිවරණයේදී  නාමයෝජනා ලැබීමෙන් පසු ඔහුගේ  වරදට දඩුවම ලැබුණත්  මැතිවරණයට ඉදිරිපත් වී අසුන ලබා ගැනීමට හැකි විය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විරෝධයක් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී දක්වන ලදී. එමෙන්ම දෙස් විදෙස් මාධ්‍යවලද මෙම පුවත වාර්තා විය. මරණ දඩුවම ලැබූ මන්ත්‍රී ඡන්දය ලබාදී ජයග්‍රහණය කරවා ඇත්තේ රටේ ජනතාව වීම පුදුම සහගත නමුත් එය සිදුවී ඇත. ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ඔවුන්ගේ පෙර පාලන කාලයේදී සිදුවී ඇති නීති විරෝධී ක්‍රියා වලට චෝදනා ඇත. උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් මහින්ද රාජපක්ෂ ජනාදිපති ලෙස සිටි කාලයේදී හමුදාවට බාරදුන් දරුවන් ගැන තවමත් විමසති. ඔවුන්ට සිදුවූයේ කුමක්ද කියා ,ඔවුන් ජීවතුන් අතර සිටිනවාද කියා තවමත් එම මාපියන් ප්‍රශ්න කරති. ඔවුන්ගේ රාජ්‍ය පාලන කාලයේදී මාධ්‍යෙව්දීන් 40 කට වඩා ඝාතනය වූ අතර තවත් අය අතුරුදහන්ව සිටිති. ඒ කිසිවෙකු වෙනුවෙන්  වගකිවයුත්තන්  දඩුවම් දී හෝ  වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා නොමැත.  අතුරුදහන්වූ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩු විභාගය පැවතුණත් වැරදිකරුවන් තවමත් නිදැල්ලේය. ලසන්ත ඝාතනය ද ඒ පරිදිම යුක්තියක් ඉටු නොවීම ඇදී යයි. මේ ආකාරයේ තවත් අයුක්ති සහගත ක්‍රියා රැසකට වගකියූ රජයක් සහ එහි පාලකයින් නැවත බලයට පත්කර ගැනිමෙන් පසු  සාධාරණ පාලනයක් අධිකරණයේ ස්වාධිනත්වයක් බලාපොරොත්තු වීම විහිලුසහගතය. එනමුත්  එය පිටුදැකිය යුතුය. එයට එරෙහි විය යුතුය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article