spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නොබැඳි පුරවැසියාගෙන් ඩයලොග් කොම්පැණියට පණිවිඩයක් ..

Must read

ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය.

ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා.

පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ. කෙසේ උවත් කිවයුතුම දේ….මට ඒ ආපු දුරකථන ඇමතුම ඩයලොග් සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි.

මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් ඩය්ලොග් ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.

මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ? පුලුවන්නම් මේක ඔබලාගේ පිටුවේ දාන්න-

එම් ජී ඩී දයාරත්න-

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article