spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකියි ? – තීන්දුව සති තුනකින්

Must read

වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.   කතානායකවරයා එබව කියා සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කල විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.   මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ විධිමත් ලෙස උපදෙස් ලබා ගැනීමට කාලයක් අවශ්‍ය බව කථානායකවරයා කියා සිටියේ ය.   

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල,  ”කථානායකතුමාට පමණයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැදවීමට අයිතිය තියෙන්නේ. ඒ සදහා අධිකරණයටවත්, නීතිපති දෙපාර්තමේන්තුවටවත් මැදිහත් වෙන්න බෑ. රන්ජන් රාමනායක මහතා පිළිබද අවධානය යොමුකර එතුමා පාර්ලිමේන්තුවට කැදවන්න’ යයි කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේය.   ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.  

ගරැ කථානායකතුමනි,    ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවේදී ඇපල් අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්ය භාරයක්. ඒ සදහා අධිකරණයට මැදිහත් වෙන්න බෑ කිව්වා.    යම් අයකු පාර්ලිමේන්තුවේ වාඩිකරවීම ඔබතුමාට අයිති වැඩක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටවත් ඒ සදහා මැදිහත් වෙන්න බෑ.    අනුර බණ්ඩාරනායක මහතාගේ නඩු තීන්දුවෙදී අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිම අධිකරණයකට මැදිහත් වෙන්න බෑ කියලා. 

  ඒ වගේම චමල් රාජපක්ෂ මැතිතුමා කථානායක කාලයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂාභියෝගය නවත්වන්න කියලා අධිකරණය තීන්දුවක් දුන්නා. නමුත් එතුමා නැවැත්වූයේ නෑ. ඒ වගේම මේ කාරණයේදී ඔබතුමාටයි අයිතිය තියෙන්නේ තීරණයක් ගන්න.  

  ගරැ කථානායකතුමනි,ඔබතුමා ප්‍රකාශයක් සිදුකරලා තිබ්බා, නීතිපති සහ අධිකරණය කිව්වොත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. නමුත් ප්‍රේමලාල් ජයසේකර මහත්මයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා ඔබතුමාට එපා කිව්වා. ඔබතුමාට එපා කිව්වට ඔබතුමා එය ගනන්ගත්තේ නෑ.    එහෙම බලනකොට ඔබතුමාට පමණයි අයිතිය තියෙන්නේ . ඒ අයිතිය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවධානය යොමුකරලා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා.”  

Anura SB

අනුර කුමාර දිසානායක- එස්.බී දිසානායක   මෙහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක සඳහන් කලේ මීට පෙර එස්.බී දිසානායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වූයේ ඔහු සිරගත වූ නිසා නොව, මාස තුනක කාලයක් එක දිගට පාර්ලිමේන්තු නොපැමිණීම නිසා බවයි .   මෙහිදී අදහස් දැක්වූ එස්.බි.දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමා එවකට සිරගත විටියදී අභියාචනා කලද මෙහිදී රාමනායක මන්ත්‍රීවරයාට එවන් තත්වයක් හිමි නොවන බවයි.   වසර හතකට ඔහුගේ ඡන්ද අයිතියද මේ වන විටත් අහෝසි වී ඇති බව ඔහු කියා සිටියේ ය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article