spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරාජය දරාගත නොහැකිව අන් අයමත මඩ තලි උලන සජිත් පිලේ සයිබර් සූකරයෝ !

Must read

photo-1499976311613-703e57dd2e53මං පොර න්‍යාය පමණක් දේශපාලනය කරගත් සජිත් ප්‍රේමදාසට අත්වු දැවැන්ත පරාජයත් සමගින් දේශපාලිනකව මුහුකුරා නොගිය සජිත් දැවැන්ත නිහඩතාවයක ගිලිගියේය.
දේශපාලන නායකයෙකුට කිසිසේත්ම තරම් නොවන ඒ පළායාම විසින් මෙරට විපක්ෂයට සිටිය යුත්තේ පළායන්නෙක් නොව පෙරළා සටන් වදින්නෙක් බව යළිත් වරක් සනාථ කර තිබේ.
එහෙත් තම ආසන වල අතදිගහැර මුදල් වැය කොට ජනපතිවරණය කරනවා වෙනුවෙට ඒ මුදල් තමන්ගේ පාර්ලිමේන්තු සිහිනය වෙනුවෙන් පමණක් ආයෝජනය කිරිමට මුදල් යටිමඩි ගහගත් බහුතරයක් එජාප ආසන සංවිධායකයන් කල්පනා කළේ සජිත්ට තිබෙනවා යැයි කියු රැල්ලෙන් ගොඩ යන්නටය.
මේ නිසාම සජිත් පමණක් නොව මේ රට තුල ජිවිත අභියෝගයන් මැද යහපාලනය ස්ථාපිත කළ සමස්ථ ප්‍රගතිශිලි ජනයාගේම ජිවිත දැන් අනතුරේ හෙළා තිබේ.
මේ අති භායනක යථාර්ථය තේරුම් ගෙන ස්වයං විවේචනාත්මක ප්‍රවේශයකට එළඹ මහමැතිවරණයට මුහුණ දිම සදහා කට්ටිවාදි ග්‍රෝත්‍රිකවාදයෙන් මිදි නිවරදි පෙළගැස්මක් ඔස්සේ පෙරට එනවාට වඩා යළිත් වරක් සජිත් පිළ මඩටම අදින ලකුණු දැන් පෙනේ .
එයට උඩගෙඩි දෙමින් සයිබර් අවකාශයේ සූකරයන් පිරිසක් මඩතලි අන් අයවලුන් පිට තවරමින් සජිත් පිළ එහෙම පිටින්ම මඩවලක් බවට පත්කරමින් සිටි.
ඉතින් එවන්  අය රටට හෙටක් ගැන සිතන්නේ කෙසේද ? මේ සයිබර් සූකරන් රැළ පිස්සන්ට හැතැම්ම නැති ගානට දැන් දගලන අයුරු දිනපතා දිස් වෙමින් තිබේ.
චන්දිම ප්‍රනාන්දු
මෝදනා -ඉතාලිය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article