spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පවිත්‍රාගේ කෑලි බැලී ගලවයි: ඇමතිකම නමට පමණයි !

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 12.30 am ) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට අයත් විෂය පථයෙන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන්මේ වනවිට ඇයගේ කාර්යභාරය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයකට පමණක් සීමා වී ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොරෝනා රෝගයටම අදාළ සියලු විෂයයන් එක්කොට එහි නව රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ (30) දින පත් කිරීමත් සමග ඊට අදාළ සියලු විෂයයන් පවිත්‍රා වන්නිආරච්චි ගෙන් ඉවත් කොට ඇත.

මීට අමතරව පළමු අදියරේදී ඖෂධ ඇතුළු ඊට අදාළ සියලු ආයතන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  යටත්ට පත්කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් සැලකිය යුතු ආයතන ගණනාවක්ම පවිත්‍රා වන්නිආරච්චි ගෙන් ඉවත් වී තිබිණ.

ඒ අනුව මේ වනවිට සෞඛ්‍ය ඇමැතිවරියට ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ආයතන කිහිපයක් හා විෂය පථයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවකව සිටි පවිත්‍රා, පසුගිය යහපලාන ආණ්ඩුව සමයේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.

පවිත්‍රා ඇමතිවරිය ‘මහින්දවාදියකු’ ලෙස සැලකෙන අතර ඇයගේ සැමියා වන හිටපු පළාත් සභා අමාත්‍ය කාංචන සැලකෙන්නේ ‘උග්‍ර බැසිල්වාදියකු’ ලෙසය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article