spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පවිත්‍රාට සෞඛ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්වන්නැයි බලපෑම්

Must read

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මේ අවස්ථාවේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් වනු ඇතැයි වෛද්‍ය වෘත්තීය සමිතියක් අවධාරණය කර සිටියි.   ‘ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්’ යන ශීර්ෂයෙන් යුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි වෙත ලිපියක් යොමුකරමින් එබව සඳහන් කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනයි.    

පවිත්‍රා දේවි වන්නිආරච්චි 2019 දෙසැම්බර් මස සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යය ලෙස මාස 16 කාලයක් කටයුතු කරයි.    මීට පෙර සිටි අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, පී. දයාරත්න හා ඒ. එච්. එම්. ෆවුසි යන අය සමඟ සංසන්දනය කිරීමේදී පවිත්‍රා දේවි වන්නිආරච්චි මේ රටේ සිටි දුර්වලම හා අකාර්යක්ෂමම අමාත්‍යවරිය බව GMOF සභාපති පවසයි.    

”ඔබට දැක්මක් නොමැත. එම නිසාම ඉලක්කගත මෙහෙවරක් නොමැත. එදා වේල ටුවර්ස් ඔබේ එකම සංකල්පයයි. එම නිසා මේ ගැන සාකච්ඡා කිරීමට රැස්වූ අප විධායක කමිටුව පහත සඳහන් චෝදනා ඔබට එරෙහිව ගොනුකොට අතිගරු ජනාධිපතිතුමන් වෙත යැවීමට තීරණය කලෙමු.” යයි GMOF විසින් යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.  

  GMOF විසින් නගන චෝදනා

:1. කොරෝනා / කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නියමිත නායකත්වය දීමට අපොහොසත් වීම. ඒ වෙනුවට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර බෙදීම ඇති කිරීම.

2. තෝරාගත් වෘත්තීය සමිතියක් සමඟ පමණක් සාකච්ඡාවන් කොට කටයුතු කිරීම නිසා එම වෘත්තීය සමිතියේ අතකොලුවක් / බළල් අතක් බවට පත්ව කටයුතු කිරීම.

3. විදිමත් විද්‍යායතන සමඟ ප්‍රමාණවත්ව කටයුතු නොකිරීම.

4. සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් එක ධජයක් යටතේ සාමූහික වගකීමකින් ක්‍රියා කරවීමට අපොහොසත් වීම.

5. විද්‍යාව වෙනුවට මිත්‍යාව පෙරට ගෙන සෞඛ්‍ය මෙහෙයවීම නිසා වෛද්‍ය විද්‍යාවත් හෑල්ලුවට ලක් කිරීම.

6. සෞඛ්‍ය අමාත්‍යංශය තුල දූෂණ වංචාවන්ට තිත තැබීම කෙසේ වෙතත් කොරෝනා වසංගතය තුලින් ද මුදල් හම්බකරගන්නා තත්වයට සෞඛ්‍ය සේවය පත් කිරීම.

7. සෞඛ්‍ය පරිපාලන තනතුරුවලට සුදුසුකම් ලැබූවන් පසෙකලා විශ්‍රාමිකයන් පත් කිරීම.

8. සෞඛ්‍ය සේවකයන් දේශපාලන පලිගැනීම්වලට ලක් කිරීම.

9. මාධ්‍ය වෙතට පැමිණ මිත්‍යාව පතුරුවන බටහිර වෛද්‍ය පිරිස් හට කිසිම විනය පියවරයක් නොගැනීම.

10. කොරෝනා එන්නත් කරණය සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත් කිරීම.    

චෝදනා කිරීමට කරුණු සිය ගණන් ඇතත් ඉහත බරපතල චෝදනා සැලකිල්ලට ගෙන ඇමතිවරියටම තීන්දුවක් ගෙන ඉල්ලා අස්වන්නැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.   අද පැවති මාධ්‍ය හමුවකදී ද ඔහු එම කාරණය අවධාරණය කළේය.  

ghhfghgf

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article