spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් පාලන කොමසාරිස්වරියටත් කොකා පෙන්වන නාගාරික කොමසාරිස්වරියක් !

Must read

kunuwala 3(1.30 am ) මිගමුව කොච්චිකඩේ නගරයේ කුණු ඇදිමේ කොන්ත්‍රාත්තුව දැනට ක්‍රියාත්මක කරනු  ලබන්නේ සෙවන්ත් හිල් නම් වු පුද්ගලික ආයතනයක් විසිනි.
ඒ සදහා මසකට රු ලක්ෂ 19 මුදලක් ගෙවනු ලැබේ.
තතු මෙසේව තිබියදි ඊට වඩා අඩුමුදලකින් කුණු ඇදිමට නගර සභාවට කම්කරුවන් අලුතින් බදවාගෙන සිදුකළ හැකි යැයි පළාත් පාලන කොමසාරිස්වරියට පවසා ඒ අනුමැතිය ඇතිව කම්කරුවන්   පිරිසක් ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් පසුගිය දිනවල බදවා ගෙන තිබුණි.
පළාත් පාලන කොමසාරිස්වරිය මේ අනුව කම්කරුවන් 60 දෙනෙකු බදවා ගැනිමට අවසර ලබා දි තිබුණි.
එහෙත් අදාල කටයුත්ත සදහා යැයි කියමින් කම්කරුවන් 42 දෙනෙකු වෙන්කර තිබුණ අතර ඉතිරි කම්කරුවන් 18 දෙනෙකු වෙනත් කාර්යයන් සදහා යොදවා තිබේ.
එපමණක් නොව කුණු ඇදිමට යැයි  කියා අලුතින් ට්‍රැක්ටර් 6 ක් ද මිළට ගන්නා ලදි.
මේ සියල්ල වෙනුවෙන් විශාල මුදලක් වැය කළද තවමත් කොච්චිකඩේ කුණු අදින්නේ සෙවන් හිල්ස් සමාගම විසිනි.
මේ අනුව බදවා ගනු ලැබු කම්කරුවන් 42 දෙනෙකුට රු ලක්ෂ 13 කට ආසන්න මුදලක් මාසිකව පඩි සදහා වැය කරුනු ලැබේ.kunu 300
එමෙන්ම ට්‍රැක්ටර් අලුතින් මිළට ගැනිම සදහාද රුපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් මිගමුව බදුගෙවන ජනයාගේ මුදල් වලින් දැනටමත් ගෙවා හමාරය.
තතු එසේ වුවද පාළාත් පාලන කොමසාරිස්වරියට පෙන්වා අවසර ගත් පරිද්දෙන් දැන් කිසිවක් සිදුනොවේ.විශාල මුදලක් පමණක් මාසිකව නාස්ති වෙමින් තිබේ.
මින් කියැවෙන්නේ කුමක්ද ?
කිසිදු සැලැස්මකින් තොරව මේ නගර සභාවේ පිස්සන්ට හැතැක්ම නැති ලෙසින් සිදුකරනු ලබන මේ කටයුතු නිසා දැනමටත් රුපියල් ලක්ෂ 150 කට ආසන්න මුදලක් අපතේ යවා තිබේ.
මේ පසුබිම තුල මිගමුව නගර සභාවේ ගණකාධිකාරිවරයා සහ නාගරික කොමසාරිස්වරිය වගකියන්නේ පළාත් පාලන කොමසාරිස්වරියටද නැතිනම් ලංසා පවුලටදැයි මිගමුවේ බදුගෙවන ජනයාට අසන්නට දැන් සිදුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article