spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේ කුණු අදින්න කියල ගත්තු කම්කරුවන් 60 කට නිකන් පඩිගෙවලා !

Must read

 

NMC meeting new 2(8.18 am ) කොච්චිකඩේ කුණු ඇදිමට නගර සභාවට කම්කරුවන් අලුතින් බදවාගෙන එය සිදුකළ හැකි යැයි පළාත් පාලන කොමසාරිස්වරියට පවසා ඒ අනුමැතිය ඇතිව කම්කරුවන්   පිරිසක් ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් පසුගිය දිනවල බදවා ගෙන තිබුණි.
පළාත් පාලන කොමසාරිස්වරිය මේ අනුව කම්කරුවන් 60 දෙනෙකු බදවා ගැනිමට අවසර ලබා දි තිබුණි.
එහෙත් අදාල කටයුත්ත සදහා යැයි කියමින් කම්කරුවන් 42 දෙනෙකු වෙන්කර තිබුණ අතර ඉතිරි කම්කරුවන් 18 දෙනෙකු වෙනත් කාර්යයන් සදහා යොදවා තිබේ.
මිගමුව කොච්චිකඩේ නගරයේ කුණු ඇදිමේ කොන්ත්‍රාත්තුව දැනට ක්‍රියාත්මක කරනු  ලබන්නේ සෙවන්ත් හිල් නම් වු පුද්ගලික ආයතනයක් විසිනි.
ඒ සදහා මසකට රු ලක්ෂ 19 මුදලක් ගෙවනු ලැබේ.
තතු මෙසේව තිබියදි ඊට වඩා අඩුමුදලක් වැය කොට කුණු ඇදිම සදහා යැයි කියා බදවා ගත්ත කම්කරුවන්ටද මහජන බදු මුදලින් ලක්ෂ 13 ක් මාසිකව ගෙවන අතරේ තවමත් කොච්චිකඩේ නගරයේ කුණු අදින්නේ සෙවන් හිල්ස් පුද්ගලික ආයතනය විසිනි.
එපමණක් නොව කොච්චිකඩේ  කුණු ඇදිමට යැයි  කියා අලුතින් ට්‍රැක්ටර් 6 ක් ද මිළට ගන්නා ලදි.
මේ සියල්ල වෙනුවෙන් වැය කොට ඇත්තේ බදුගෙවන ජනයාගේ මුදල්ය.
මීගමුවේ වත්මන් නාගරික කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය නිරික්ෂණය කිරිමේදි එක් කරුණක් ඉතා පැහැදිලිය. ඇය දැන්  පෙනි සිටින්නේ ලංසා පවුලේ සියළු අනර්ථකාරි ක්‍රියාවෙනුවෙන් මිස පළාත් පාලන නියෝගයන් හෝ ක්‍රියා පටිපාටින් වෙනුවෙන් නොවන බවය.
එසේ නැතිනම් මේසා නිරපරාදේ ලක්ෂ ගණනින් මහජන බදුමුදල් නිකරුනේ වැය කිරිමට එරෙහිව ඇය විසින් පියවර ගතයුතුව තිබේ.
එහෙත් මේ කිසිවකටත් ඇය මීක් කියන්නේ නැත.
ඇය දැන් පණපොවමින් සිටින්නේ ලංසා පවුලේ පුද්ගලික ලේකම්වරියගේ චරිතයට මිස නාගරික කොමසාරිස්ධුරයට නම් නොවේ .

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article