spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට අද අඩුවෙලා තියෙන්නේ කේබල් කාර් විතරද ?

Must read

1357841295_1!!-!!Negombo Lagoon 3(2.00 pm ) මීගමුවට අද අඩුවෙලා තියෙන්නේ කේබල් කාර් විතරද…ස්වභාව ධර්මයෙන් ලැබිලා තිබෙන මහඟු සම්පතක් වන හැමිල්ටන් ඇල සංවර්ධනය නොකර ජරාපත් වෙන්න ඇරලා මේ අර අදින්නේ තවත් මහා ගසා කෑමකට බව නොඅනුමානයි..පියල් 1
ඉහත පළ කොට ඇත්තේ අප විසින් මිගමුවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන  කළ හෙළිදරව්වට පිළිතුරු වශයෙන් අප වෙත ගලා ආ ප්‍රතිචාර වලින් එකකි.
ඔවුන් මතුකර සිටින්නේ ඇත්තම ප්‍රශ්ණයකි.
මිගමුව තුල නිමල් ලංසා විසින් අරඹන්නට යෙදුන සියළු ව්‍යාපෘතිවල අඩුවැඩි වශයෙන් ප්‍රතිලාභ ලැබුනේ මිගමුවේ බදුගෙවන ජනයාට හැර අන් සැම වෙතටය.
එක්කො ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන්ටය.
නැතිනම් පල්ලියකටය.
එසේත් නැතිම් ගුරුගේ වැනි කෝටිපති ව්‍යාපාරිකයන්ටය.
ජේයරාජ් ප්‍රනාන්පුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනයේ ඇත්ත ප්‍රතිලාභය මිගමුවේ ජනතාවට හෝ දුදරුවන්ට නම් නොවේ . එහි ප්‍රතිලාබ ලබන්නේ මිගමුව මහනගර සභාවේ අදායම් නිලධාරියෙකු වන ජයනාත් ඇතුළු පිරිසක් හටය.
මේ අනුව බලන කළ මිගමුවට කිසිදු අදාලත්වයක්  මේ මොහොතේ නැති කේබල් කාර් කලපුවට උඩින් ගෙන්නට යන්නේ කලපුවත් විනාශ කොට ගුරුගේලා වැනි කෝටි පතියන්ටද ප්‍රතිලාභ ලබාදි දැවැන්ත කොමිස් මුදලක් ලබාගැනිම සදහාය.
මිගමුවේ පුරපතිත් අකමැති මේ බොරු ව්‍යාපෘති මිගමුවට තල්ලු කරන්නේ වෙනින් කව්රුත් නොව පුරපති පුරෝහිත හෙවත් one and only උපදේශක නිමල් ලංසාය.
මේ දිනවල ඔහුට ගාන කැපෙන අමාත්‍යංශ හෝ වෙනත් මාර්ග නැත. මිගමුවේ බදුගෙවන ජනයාද සදාකාලික ණයකාරයන් කොට තමන් ගොඩයන්නට හදන්නේ ඒ  නිසාය.
ලංසා පවුලේ මේ අතිශය පුද්ගලික ප්‍රතිලාභ ගත ව්‍යාපෘති සදහා නිළ අනුමැතිය ලබාදෙන්නට මිගමුව නගර සභාවේ නිළධාරින්ද නිබදව සැදි පැහැදි සිටිති.
කේබල් කාර් පෙන්නා මේ යවන්නට යන  බංකොක් සවාරිය  සැපගැනිම සදහා ඒ නිලධාරින්ට දෙන පට්ටම  කප්පමක් හැර අන් කවරක්ද ?
සටහන -බෙ.ටි. විරේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article