spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රංශ සමාජවාදී ආණ්ඩුවේ කම්කරු විරෝධී නව නීති වලට එරෙහිව උද්ඝෝෂණ .

Must read

m3protest 2protet4protest 1

සමාජවාදී පක්ෂ ජනාධිපති ෆ්රන්ශුවා හොලන්ඩ් විසින් වැඩකරන ජනයාගේ අයිතීන්  කප්පාදුව සඳහා ගෙන එමින් ඇති නව නීති වලට විරෝධය පාමින් විසිපන් දහසකට අධික ජනයා ඊයේ (12) පැරිස් නගරයේ විදි පුරා පෙළපාලි පැවැත්විය .
නව අගමැති මැනුවල් වාස් විසින් යෝජනා කර ඇති සංක්‍රමණිකයන් පිලිබඳ නව නීති මගින් සමාජවාදී ආණ්ඩුවේ වර්ගවාදී පිළිවෙත හෙළිදරව් වන බවත් ,උද්ඝෝෂකයෝ මෙහිදී පෙන්වා දුන්හ.නව යෝජනා මගින් සංක්‍රමණිකයන්ට විසා ලබාදීම සිමා කිරීමටත් , සංක්‍රමණිකයන්ගේ කදවුරු ඇතිකිරීමටත් යෝජනා වී ඇත .
උද්ඝෝෂකයන් ජනාධිපති හොලන්ඩ් ට කියා සිටියේ ” ඔබ වාමාංශික යෙකු නම් ඔබ සහයෝගය ලබා දිය යුත්තේ වැඩකරන ජනතාවට බවයි”
ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ පෙරමුණ , ධනේශ්වර විරෝධී නව පක්ෂය ,වෘත්තීය සමිති , සංක්‍රමණිකයන්ගේ සංවිධාන එක්ව මෙම පෙළපාලිය සංවිධනය කර තිබිණි .
අ.වී.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article