spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රබල ඇමතිකමකුත් සමඟ බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

Must read

Basil

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවත් අන්තර්ජාල මාධ්‍ය ගණනාවක්ම වාර්තා කර ඇති විමල් විරවංශට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කල නොහැකි නිසා 19 සංශෝධනය අහෝසි කිරීමෙන් පසු රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු එනු ඇති බවත් ඉන් පසු ඇමති ධුරයක් දරුනු ඇති බවත් එම වාර්තාවල සදහන්ය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒම සඳහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් වනු ඇතැයිද එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු පැමිනීමට අවශ්‍ය යයි ඔහු සිතන්නේ නම් වඩා පහසු ක‍්‍රම ඇති බවයි.

විපක්‍ෂය මේ උත්සාහ කරන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම වෙනත් සාකච්චාවකට ගෙන ගෙන ගොස් බාල්දු කිරීම බවද ඔහු සදහන් කලේය.
මුලාශ්‍රය – ලංකා සි නිව්ස

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article