spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රෙඩීට පහර දුන් නගර සභා සුළුසේවකයා වෙනුවෙන් මීගමුවේ නීතිඥවරුන් 10 ක් ඉදිරිපත්වෙලා?

Must read

DSC_0870

මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ ට පසුගිය ජුනි 02වනදා එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධානියා වු මීගමුව මහනගර සභාවේ තුෂාන් ලක්මාල්  සහ ඔහුගේ සහෝදරයා වෙනුවෙන් ඊයේ දිනයේ ( ජුනි 14 )මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදි මීගමුවේ නිතිඥ මහතුන්  10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව සිටියේ යැයි වාර්ථා විය.
මේ අය අතර මීගමුවේ ප්‍රධාන නීතිඥයන් වන ශාන්ත නිරිඇල්ල , නාලක ප්‍රනාන්දු, රංජන් ජයසිංහ, ප්‍රිමාල් අමරසිංහ ඇතුළු පිරිසක්ද විය.
ආර්ථික අතින් ඉතා අසරණ තත්වයක සිටින මේ කම්කරුවන් වෙනුවෙන් මීගමුව උසාවියේදි නිතිඥයන් 10 කට ආසන්න ප්‍රමාණයක් පෙනි සිටිම විසින්ම මේ ප්‍රහාරය පිටුපස කිසියම් බලවේගයක් සිටින බව තවදුරටත් සනාථ කර ඇතැයි උසාවියට පැමිණ සිටි සියළු මාධ්‍යවේදින්ගේ පොදු මතය වි තිබුණි.
තුෂාන් ලක්මාල් යනු මීගමුව මහනගර සභාවේ ව්‍යාපෘති අංශයේ කම්කරුවෙකු වන අතර නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසාගේ  ඉතා කිට්ටුවන්තයෙකුද වන බැව් නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article