spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රෙඩී ගමගේට පහරදුන් සැකකරුවන් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Must read

මාධ්‍යෙව්දී ප්‍රෙඩී ගමගේ මහතාට ජුනි  02 වන දින මීගමුව මහ නගර සභාවේදී සිදුකළ පහරදීම සම්බන්ධව නඩු විභාගය අද (28) වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.  රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පහරදුන් පුද්ගලයන් වන  (1) වන සැකකරු  අඹගහගේ කුෂාන් ක්‍රිස්මාන් ප්‍රනාන්දු (2)  වන සැකකරු අඹගහගේ සුපුන් රංගන ප්‍රනාන්දු දෙදෙනා අධිකරණයට ඉදිරපත් කරන ලදී. සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා විසින් ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඔවුන්  මෙම නඩුවේ ඉතිරි කටයුතු සමථ මණ්ඩලයෙන් විසඳා ගැනීම සඳහා අවසර ඉල්ලන ලදී.  පැමිණිල්ලේ නීතිඥවරුන් හා පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් සැකකරුවන්ට  ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර නඩුව සම්බන්ධ අදාළ පරීක්ෂණ අපක්ෂපාතීව කඩිනම් ලෙස සිදුකිරීම සඳහා මෙම නඩුව ජූලි මස 05 වනදා දක්වා කල්තබන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article