spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙන යාමට කිතුණුවන්ට ඇති අයිතිය

Must read

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ ප‍්‍රශ්නය ජාතික මට්ටමින් විසදා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කර ඇතැයි ada.lkවෙබ් අඩවිය සදහන් කර තිබේ.
තමන්ගේ ප‍්‍රශ්නය පිළිබදව සෑහීමකට පත් නොවන්නේ නම් ඕනෑම අයකුට අධිකරණයේ ඉහළම තැනට යෑමට අයිතිය තිබිය යුතු බවද සෝභිත හිමියෝ පවසා සිටින බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

කිසිවකුටත් ඊට විරුද්ධ විය නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ පාස්කු ප‍්‍රහාරය පිළිබද ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යෑම රටට ද්‍රෝහී වීමක් නොවන බවද පෙන්වා දෙති.

ශී‍්‍ර ලංකාව තනිව ජීවත්වන රටක් නොවන අතර ජාත්‍යන්තර සංවිධාන හා සන්ධාන සමග සම්මුතීන්ට එළැඹී රටක් බවද සදහන් කරන සෝභිත හිමියෝ, එසේ සම්මුතීන්ට එළැඹී තිබෙන්නේ රටේ ආරක්‍ෂාව සදහා යැයිද පෙන්වා දෙති.
මේ අතර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරන ලෙස ඉතාලියෙන් ඇරඹි ජාත්‍යන්තර උද්ඝෝෂණ මාලාව ඔක් 03 වනදා ජිනිවා නුවරදි පැවැත්විමට කටයුතු සංවිධානය වෙමින් ඇතැයි වාර්තා වේ .


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article