spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ප‍්‍රහරයට යුක්තිය ලබාදීමේ සටනේ සිටින ශෙහාන් මාලකව දඩයම් කිරීම වහා නවතනු

Must read

පාස්කු ප‍්‍රහාරය වෙනුවෙන් බැහැගෙන සටන් කරන උන්ව දඩයම් කිරීම ඇරඹී ඇත.පාස්කු ප‍්‍රහාරය වෙනුවෙන් දිගින් දිගටම රජයේ වැරදි විවේචනය කරන එවුන්ව දඩයම් කරන්න පටන් අරන්.
ශෙහාන් මාලක අගරදගුරු පදවි තරුණ සංගමයේ ක‍්‍රියාකාරිව කටයුතු කරපු තරුණයෙක්. පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ලබාදීම වෙනුවෙන් කරන සටනේ ඔහුට හිමි වන්නේ සුවිශේෂී තැනක්.
පාස්කු ප‍්‍රහාරයයේ වින්දිතයින් සමග ඔවුන්ගේ දුක් නිරතුරු බෙදාගත් ඔහු වින්දිතයින්ගේ හඩ ජනගත කලේ මේ වංචාකාර පරීක්ෂණ වැරදි පාරේ යන එක හැමෝටම අවබෝධ කරවමින්.

අපි පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ලබා දීමට කල හැම සටනකම කෙලවරේ ‘‘ශෙහාන් මාලක’’ සක‍්‍රීයව හිටියා. කතෝලික ගිහියන් පෙල ගස්වන නායකත්වයේ වෙනත් ආගමිකයින් හා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව කල සංවාදයේ ‘‘ශෙහාන් මාලක’’ සක‍්‍රීයව හිටියා. ප‍්‍රහාරයෙන් දුකට පත්වෙලා ඉන්න වින්දිතයින්ගේ සංවාද ඇතුලත් විඩියෝ සංවාද මාලාවක් කරමින් ඔහු නැවත හැමෝටම ප‍්‍රඥාව ගෙනාවා. වින්දිතයො සමග මාධ්‍ය සාකච්ඡුාවල ඉදගත්තා. නිරතුරු ඔවුන්ව හමුවෙලා ඔවුන්ගෙ දුක බෙදා ගත්තා සැනසුවා.

එ් නිසා බොහෝ වංචාකාරී ආණ්ඩුවලට ‘‘ශෙහාන් මාලක ලා’’ වගේ තරුණයො මාර හිසරදයක්. උන්ට ඔ්නේ උන්ගෙ කකුල් ලෙව කකා ඇමතිලාට, අගමැතිලට, ජනපතිලට රෙදි නැතිව කඩේ යන, උන්ගෙ මීඩියා, ශෝෂල් මීඩියා කැම්පේන් වල රැයක් දවාලක් නැතිව බැලමෙහෙවරකම් කරන, උන්ගෙ හැම වැරැද්දකටම පිස්සො වගේ ප‍්‍රතිවාදීන්ට කොමන්ට් දදා කුණුහරුප කියන. උන්ගෙ කැම්පේන් වල චාටර් කකා අව්වෙ කරවෙවී ඉන්න ‘දේශපාලනව නපුංසක කරපු’ තරුණ පරම්පරාවක්. එ්කයි එයින් පිට ආණ්ඩුවේ ගොන්පාට් වලට අභියෝග කරන ‘ශෙහාන් මාලක’’ වගේ තරුණයින්ව එක එක චෝදනා දාලා රහස් පොලිසි වලට ගෙන්වලා බය කරවන්න හදන්නේ. හැබැයි ‘‘ඌ බය දෙවියන්ට විතරයිලු’’ 😇😇

( ඔබේ ශරීරට නසන්නට එන අයට බිය නොවන්න – ශරීරයත් ආත්මයක් එකවර නිරයේ හෙලීමට බලය ඇති තැනැන්වහන්සේට පමණක් බිය වන්න – (ලූක් 12: 05)බොම්බ තියපු උන්, උන්ව මෙහෙයවපු උන්, එ් කුමන්ත‍්‍රණයට සහාය දුන්, එවුන් එ් ගැන තොරතුරු ලැබිලත් ඇහැ කන පියාගෙන තමන්ගේ රාජ කාරිය හරියට නොකර හිටි උන් මේ සියල්ලන්ම නිදැල්ලේ තියලා කිසිම ප‍්‍රශ්ණ කිරීමක් නොකර එ් වැරදි පෙන්වා දෙන එ් වෙනුවෙන් සටන් කරන නිර්භිත තරුණයින්ව බුද්ධි අංශයට ගෙන්වලා ප‍්‍රශ්න කිරීමම රටක ලොකු ඛේදවාචකයක්.! අපිම දුන්න කොකා ලැජ්ජ නැතිව අපිටම ගස්සන පාලකයෝ ඉන්න රටක්.
සහරාන්ලා එක්ක එකට පඩි අරන්, එකට රාජකාරී කල බුද්ධි අංශයකය ප‍්‍රශ්න කිරිමකට යන උඹ මතක් කරලා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් අහපං එකට පඩි අරන් එකට කකා බිබි එකට රාජකාරී කරපු එ් සෙට් එකට ඔයාලා උදව් කලා කියන්නෙ ඇත්තද කියලා.පලයං මල්ලි ‘‘දානියෙල් සිංහ ගුහාවට ගියා වගේ’’ යුක්තිය උඹේ පැත්තෙ හිටගන්නවා. උඹ වෙනුවෙන් රැල්ලක් හැදෙනවාමයි.
තිළිණ අලහකෝන්කැදවුම්කරු – කතෝලික ගිහි සංවිධාන එකමුතුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article