පිටිපන මහා විද්‍යාලයේ, වසර 125, ජුබිලි පා ගමන

0
11

a758e04d a28a 4585 9f19 e27e5c27ca2e

මීගමුව, පිටිපන ග්‍රාමයේ දූ දරුවන්ට සිප් සතර, නැණ නුවණ පහදා දෙන මහා තක්සලාව, පිටිපන මහා විද්‍යාලය නොහොත් පිටිපන ජාතික පාසල ආරම්භ කර වසර 125 ක, සංවත්සර ජුබිලි උත්සවය පසුගිය 20 වැනි දින (20/05/2026) පවත්වන ලදී.
එම සංවත්සරික වැඩසටහන් මාලාවේඅවසන් අංගය ලෙස පැවැති සංවත්සරික, ජුබිලි පා ගමන එදින සවස මීගමුව නගරයෙන් ආරම්භ කෙරිණි. මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගනය අබියසින් ආරම්භ වී මෙම පා ගමන මීගමුව – ජා ඇල 273 බස් මාර්ගය ඔස්සේ, පිටිපන මහා විද්‍යාලය දක්වා ගමන් කෙරිණි.
තූර්ය වාදක කණ්ඩායම් පෙරටුකොට ගෙන පිටිපන මහා විද්‍යාලයේ විදුහල්පතිනී, ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ සියලු ගුරුවර ගුරුවරියන් ඇතුළු ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන සියලු සිසු දරු දැරියන් මෙම වසර 125 සංවත්සරික පා ගමන සඳහා සහභාගි වූහ.
එලෙසම විද්‍යාලියේ ආදී සිසු සිසුවියන් පිරිසක්ද මෙම පා ගමන සඳහා සහභාගි වූහ. අලංකාරවත් ලෙස සකසන ලද ඩබල් කැබ් රථ ඇතුළු රථ කිහිපයක්ද එලෙසම දෙමහල් බස් රථයක්ද මෙම පා ගමන සඳහා එක් කර තිබුණු ආකාරය දැකගත හැකි විය.
විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන පිටිපන ග්‍රාමවාසීන් පිරිසක්ද මෙම පාගමන නැරඹීම සඳහා මීගමුව නගරයට පැමිණ තිබූ ආකාරය දැක ගතහැකි විය.

034da3de da30 4a19 b626 0d4311b85ad0 20d74c90 e839 4a9d 9df6 df954a438b10 cde826c3 a73f 48ad a435 47ec632c3bd8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here