spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙත්තං ඇල වසා දැම්මේ කව්ද ?

Must read

(1.16) මීගමුවේ දළුපත පෙත්තං ඇලට අදාලව මීට පෙරද සාකච්ඡා කර ඇති නමුත් මේ සම්බන්ධව නිසිපියවරක් ගැනීමට තවමත් අදාළ බලධාරීන් සමත්ව නැත. මේ සූදානම් වන්නේ ඒ පිළිබදව පවතින තවත් ගැටළු සහගත කරුණක් හෙළදරව් කිරීමටය. දළුපත ලක්ෂ්මන් මහතාගේ කඩේ අසලින් දකුනට හැරී පිල්ලෑව පාරේ මීටර් 50 ක දුරක් ඉදිරියට ගොස්, ප්‍රාෙද්ශීය ලේකම් කාර්්‍යාලයේ සේවය කළ ඉහළ නිලධාරියෙකුවූ අශෝක මහතාගේ නිවස පසුකර තිබෙන අතුරු පාරෙන් වමට හැරුණුවිට පෙත්තං ඇල හමුවේ. නමුත් මෙකී ස්ථානයේ ඇලක් තිබුණු වගක්වත් දක්නට නැත. ඇල වසා තාප්ප ගසා, එක් නිවසක මිදුල ඇත්තේ ඇල උඩය. දෙපැත්තේ තාප්ප නිසා මෙහි ඇලක් ගලාගෙන යාමට ඉඩක් නැත. මිදුල ලෙස සකසා ඇති කොටසේ යාන්තමට කුඩා ඇල කටක් මතුවී පෙනුනද එයද ඇතුලතින් වසා ඇතිබව ප්‍රෙද්ශවාසීන් පවසති. මෙම ස්ථානයේ තාප්ප කඩා දැමීමට සූදානම්වූ අවස්ථාවක එය වලක්වා ඇත්තේ මේ වනවිට මීගමුව නගරසභාවේ පොහොට්ටුවේ නියෝජිතයෙකුවන සේපාල මහතා බව ප්‍රෙද්ශවාසීන් පවසති. ඒ සදහා ඔහුට කුමණ අල්ලසක් ලැබුනේදැයි අපි නොදනිමු. මේ ඇල දිගට තවත් ස්ථානවල ඇල වසා කොන්ක්‍රීට් දමා හිරකර ඇත්තේද, අපද්‍රව්‍ය බැහැර කරන්නේද සමහර දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය ඊට ලැබෙන බැවිනි, ඔවුන් මේ නොමනා කිසිවකට විරුද්ධ පිළිවෙතක් අනුගමනය නොකරන බැවිනි. 4 1 2 3

මීගමුවේ ඇලවල් සහ කානු ප්‍රශ්ණය පිළිබදව කොතෙක් සාකච්ඡා කළද ඒ සදහා ස්ථිර වැඩපිළිවෙළක් සැකසීමට තවමත් නොහැකිවී ඇත්තේ බලධාරීන්ගේ අමනෝඥ ක්‍රියාකලාපය මත බව පැහැදීලිවම කිව යුතුමය. මෙකී පෙත්තං ඇල සම්බණ්ධව විවිධ ගැටළු තිබෙන නමුත් ඒවා දැන දැනත් ඔවුන් අවධානය නොදෙන්නේ මේ මගින් අතට නිසි කොමිස් එකක් නොලැබෙන නිසා බව වටින් පිටින් ලැබෙන ආරංචියයි. එමෙන්ම මේ ගැන අවංක චේතනාවෙන් කටයුතු කරන අයෙකුට හෝ ඒසදහා මැදිහත්වීමට ඉඩ නොදෙන පිළිවෙතක් මේවනවිට මීගමු නගරසභාවේ බලයේ සිටින පොහොට්ටුවේ බලධාරීන් අනුගමනය කරන බව පෙනේ. මේනිසා අපහසුවට පත්වන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ අවධියෙන් සිට යම් පියවරක් ගන්නා ලෙසත්, අදූරදර්ශී බලධාරීන් හදුනාගෙන කටයුතු කරන ලෙසත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article