spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිස් නිලධාරින් 78 කට කොරෝනා ආසාදනය වෙයි .!

Must read

ajithකොරෝනා  ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, තවත් නිලධාරීන් 300ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ වනවිට පොලිස් නිලධාරීන් 78 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඒ වගේම 300කට අධික පිරිසක් නිරෝධායන කඳවුරුවලට යවලා තිබෙනවා. මීට අමතරව 1800ක පමණ පිරිසක් කඳවුරුවල ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. මේ මත්ස්‍ය වෙළෙඳපොළේ පොකුරත් සමග පොලිස් භෝජනාගාර පාලකවරුන් එම ස්ථානවලට යෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.“

මේ අතර බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (30) සිදුකරනු ලැබු අතර ඉන් නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

මීට අමතරව වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හඳුනා ගැනුණි.
මේ අතර පසුගිය දිනවල කටුනායක අමන්දොළුව ප්‍රදේශයේ නිදහස් වෙළද කලාප කම්කරුවන් හා කටයුතු කරමින් සිටි සීදුව පොලිසියේ නිළධාරියෙකුට කොරෝනා අසාදනය විම හේතුවෙන් සීදුව පොලිසියේ 20 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article