spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉටුකරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද ????

Must read

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් අද දින හිරු ටි වි පුවත් විකාශය ඔස්සේ මීගමුවේ සිදුකරන ලද මංකොල්ලය පිළිබදව දිර්ඝ කරුණු දැක්විමක නිරතවෙමින් අවධාරණය කර සිටියේ මුදල් මංකොල්ලය සැලසුම් කර තිබුනේ මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසින් බවය.
ඒ කරුණ සනාථ කිරිම සදහා ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු වන්නේ

1.අදාල මංකොල්ලය සදහා මුහුණු ආවරණය කරන ලද හෙල්මට් මිළට ගැනිමට ගිය අවස්ථාව උපයෝගි කරගනිමින් අත්අඩංගුවට ගෙන ඇති තරුණයා රොයිස් ප්‍රනාන්දු මහතාගේ රියදුරාගේ මිතුරෙක් වන බවය.

2.කොල්ල කන ලද මුදලින් කොටසක් රොයිස් ප්‍රනාන්දු සතුව තිබි සොයාගත් බවය.

3.මීට පෙර මංකොල්ල කිපයක් සදහා රොයිස් ප්‍රනාන්දු සම්බන්ධ බවය.

4.විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් නිළධාරියෙකු බවය

එහෙත් මේ එකදු කරුණු දැක්විමකදිවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමන් ලෝකයා හමුවේ කියන කරුණු සනාථ කිරිම සදහා මුලාශ්‍ර  ගෙන හැර දක්වන්නේ නැත.
අත්අඩංගුවට ගත් තරුණයා රොයිස් ප්‍රනාන්දුගේ රියදුරාගේ මිතුරෙකු යැයි කිමෙන් මේ මංකොල්ලයේ මහමොළකරු රොයිස් යැයි කියන්නේ කෙසේද ???

කොල්ල කන මුදලින් කොටසක් රොයිස් ප්‍රනාන්දු ලග තිබුනා යැයි කියන්නට පොලිස් මාධ්‍ය ප්‍රකාශයා ඉදිරිපත් කරන සාධක කිසිවක් නැත.තමන්ගේ මැතිවරණ කටයුතු සදහා හෝ වෙනත් පුද්ගලික කරුණු සදහා අයෙක් ලග ඕනැ තරම් මුදල් තිබිය හැක.
රොයිස් ප්‍රනාන්දු සතුව තිබුනේ මේ මංකොල්ල කන ලද මුදල්ම යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයා කියන්නේ කෙසේද?? එ සදහා කිසිදු සාක්ෂියක් ඔහු ඉදිරිපත් කරන්නේ නැත.

ඉන් නොනවතින මාධ්‍ය ප්‍රකාශක කියා සිටින්නේ රොයිස් ප්‍රනාන්දු මීට පෙර මංකොල්ල ගණනාවකට සම්බන්ධව සිටි බවය.

මේ ප්‍රකාශය ඉතා බරපතලය.

අප කව්රුත් දන්නා සරල නීතිය වන්නේ කිසිවෙකුත් කිසියම් වැරැද්දකට සම්බන්ධ බව ස්ථිර ලෙසින් සනාථ කළ හැකි වන්නේ අධිකරණය ක්‍රියාමාර්ගයක් හරහා පමණක් බවය.
මේ සරල සත්‍ය අමු අමුවේ මරා දමමින් මාධ්‍ය ප්‍රකාශක නිතියට උඩින් පැන රොයිස් ප්‍රනාන්දුට මංකොල්ලකරුවා යන ලේබලය අලවන්නට ඉක්මන්  වන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරිමටද ?
පසුගිය කාලය තුල රොයිස් ප්‍රනාන්දු මුදල් මංකොල්ලයක් පිලිබද සැක පිට අත්අඩංගුවට ගෙන තිබුන අතර අධිකරණය විසින් අවසානයේ කියා සිටියේ ඔහු එම සිද්ධියට අදාලව නිදොස් කොට නිදහස් කරන බවය.
මෙය අධිකරණ තීන්දුවකි.
දැන් මාධ්‍ය ප්‍රකාශක කරන්නේ කුමක්දැයි වඩාත් පැහැදිලිය.
ජුවෙල් ලංකා මංකොල්ලයට රොයිස් ප්‍රනාන්දු සම්බන්ධ බවට අධිකරණය විසින් තින්දු කරනු ලබන තෙක් ඔහු සැකකරුවෙකු පමණි.
මෙම මංකොල්ලට කිසිසේත්ම රොයිස් විජිත සම්බන්ධව සිටින්නේ නැතැයි හෝ ඇතැයි කියන්නට අප ඉක්මන් නොවන්නෙමු.කව්රුන් කළත්  මෙවැනි අපරාධ අප  කොන්දේසි විරහිතව හෙළා දකින්නෙමු.
මෙහිදි  මතුකරනු ලබන්නේ ලෝකයා හමුවේ සාධක මුලාශ්‍ර රහිතව මේ සිදුකරන පාර්ශවිය ප්‍රකාශනය අභියෝගයට ලක් කිරිමය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මේ ඒකපාර්ශික මාධ්‍ය සංදර්ශනයට එරෙහිව හෙට උදේ 9.00 ට මීගමුව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් විසින් විශේෂ පුවත්පත් සාකච්ජාවක්ද කැදවා ඇති බව වාර්ථා වේ. එක්සත් ජාතික පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට යෙදුන පුවත්පත් නිවේදනය මගින්ද අවධාරණය කර තිබුනේ සිය පක්ෂයේ ක්‍රියාධරයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඇති මර්ධනය පිළිබදවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article