spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලීසියට 151 ……..!

Must read

police 8එතෙක් අවිධිමත්ව ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා පොලීසිය වර්ෂ 1866ක්වු සැප්තැම්බර් මස 03 වන දින විධිමත්ව නීතිමය රාමුවක් තුල පිහිටවන ලදී. ඒ අනුව අද දින ශ්‍රී ලංකා පොලීසිය 151ක වසර සාඩම්බරව විශිෂ්ඨත්වයේ ගමන පෙරටම යන තේමා පාඨය කරගෙන සමරයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වැලැක්වීම, අපරාධ විමර්ශනය හා විසදීම, රථ වාහන පාලනය, මහජනතාවගේ විවිධ ප්‍රශ්න නිරාකරණය කර දිම, අධිකරණ වල නඩුකටයුතු පවත්වාගෙන යාම, ප්‍රභූ ආරක්ෂාව සැලසීම, පාරිසරික ආරක්ෂනය, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර වලින් රට ආරක්ෂා කර ගැනීම, නොයෙකුත් දුෂණ හා අක්‍රමිකතා වලදී නීතිය ක්‍රියාත්මක කිරීම, ආදී වු විශාල මෙහෙවරක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි. 34 වන පොලිස්පති ලෙසට පුජීත් ජයසුන්දර මහතා පොලීසියේ නියමුවා ලෙස කටයුතු කරනු ලබයි.

නවීන තාක්ෂණික විධික්‍රම භාවිතා කරමින් අපරාධ විමර්ශනය සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට වාර්ථාවන මිනීමැරුම් වලින් 93%ක් විසදීමටද (එනම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම) , වාර්තා වන දේපල සම්බන්ධයෙන් සිදුවන වැරදි වලින් 75%ක් විසදීමට සමත්ව ඇත.

අද දින පොලිස්පතිතුමාගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ඊට අමතරව අද දින ප්‍රදේශීය පොලිස් කොට්ඨාශ මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. පොලිස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවය 2017.09.07 වන දින පස්වරු 2.00ට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මහජනතාවගේ ජීවිත හා දේපල සුරක්ෂිත කරදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඇප කැප වී ක්‍රියාකරන බව ප්‍රකාශ කරන්නෙමි.
පොලිස් මාධ්‍ය ඒකකය

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article