spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිච් පාක් එකේ දියේ ගිලී මියයන ජිවිත, ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ගැන නාගරිකකොමසාරිස් නිහඩ ඇයි ?

Must read

බිච් පාක් ප්‍රශ්ණය
ග්‍රාම නිළධාරිවරයා සභාවට කරුණු පැහැදිලි කරමින්

මීගමුව වෙරළ උද්‍යානය අසල මුහුදේ දියේ ගිලි මිල යන ජිවිත පිළිබද ප්‍රශ්ණය ගැන අද පැවැති මීගමුව සංවර්ධන කමිටු රැස්විෙම්දිද අවධානයට යොමු විය.
මේ පිළිබදව එකි සභාවේ අවධානයට යොමුකළ ග්‍රාම නිලධාරිවරයා කියා සිටියේ බොහෝ පිටපළාත් වලින් මේහි එන තරුණයන් මේ ස්ථානයේ ඇති අනාරක්ෂිත බව නොදැන දිය නෑම සිදුකරන බවත් ඒ ගැන දැනුවත් කිරිම සදහා නිසි වැඩපිළිවෙලක් මීගමුව මහනගර සභාව විසින් දියත් කර නොමැති බවත්ය.
දැනට එහි ඇත්තේ අනාරක්ෂිත බව කියැවෙන එක් පුවරුවක් පමණි.එය පවා නිසි ලෙසින් ප්‍රදර්ශනය නොවේ.
මෙම අනාරක්ෂිත ස්ථානයේ දිය නැමට ගොස් විශාල ජිවිත සංඛ්‍යාවක් දැනට අහිමිව ගොස් තිබේ.

එක් තරුණයෙකු දියේ ගිලි යමින් තිබෙන අයුරු ....
එක් තරුණයෙකු දියේ ගිලි යමින් තිබෙන අයුරු ….

පසු  ගිය සතියේදි තරුණයන් තිදෙනෙකු ගසාගෙන ගිය අතර ඉන් දෙදෙනෙකුව පමණක් බේරාගැනිමට හැකිව තිබුණි.
වෙරළ උද්‍යානය මීගමුව මහනගර සභාව විසින් දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් ලබා දි ඇත්තේ ටෙන්ඩර් හිමිකරු වන ඇමති නිමල් ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසා හටය.
ඔහු 2017 වසර සදහා මේ ටෙන්ඩරය ලබාගත්තේ රු ලක්ෂ 17 කටය. ඔහු මේ ටෙන්ඩරය මගින් වසරකට ලක්ෂ 204 ක් උපයන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස්  විජිත මන්ත්‍රිවරයා විසින් ලිපියක් යවමින් අගමැතිවරයා හටද දැනුම්  දි තිබේ.
මේසා විශාල අදායමක් ලැබුවද ඇමති පියා මෙම ස්ථානයේ දියේ ගිලි මිය යන තරුණ ජිවිත බේරාගැනිම සදහා කිසිදු වැඩපිලිවෙලක් පසුගිය වසර 14 ක කාලයක් පුරාවට සකසා නැත.අඩුම තරමින් අනාරක්ෂිත බව ගැන කියන්නට පුවරු ඉදිකිරිමටවත් නිසි පියවර ගෙන නැත.
මෙම ස්ථානය ටෙන්ඩර් කරු වන නගර සභාවට හෝ මේ ගැන වගේ වගක් නැත.
අද දිනයේද මේ බරපතල ප්‍රශ්ණය ගැන මීගමුව සංවර්ධන කමිටුවේදි සාකච්ජාවට ගැනුණ අවස්ථාවේදි  නාගරික කොමසාරිස්වරයා මේ ගැන කථා කළ ආකාරයෙන්ම පෙනි යන්නේ ඔහුට මේ අකාලයේ මිය යන ජිවිත ගැන කිසිදු හැගිමක් නැති බවය.
මේහි ඇති බරපතල තත්වය සලකා ඉක්මන් වැඩපිලිවෙලක අවශ්‍යතාවය ගැන මතුකොට අන් ආයතන වලද අවධානය යොමුකළ යුතුව තිබුනද එය එසේ වුයේ නැතsugath kumara
මේ අනාරක්ෂිත ස්ථානයේ දියේ ගිලි මිය යන ජිවිත බේරාගැනිමට වැඩපිළිවෙලක් සැකසිම සදහා මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරට සහ  ඇමති නිමල් ලංසාගේ පියාට තවත් මිනිස් බිලි කීයක් ඇවැසිදැයි අපි අසමු !

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article