spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිච් පාක් ටෙන්ඩරයේ මුදල ලක්ෂ 17යි ! වාර්ෂික අදායම ලක්ෂ 204යි !ඇමති පියාගේ ගැහිලි ගැන රොයිස් කියයි !

Must read

beach-prk-1මීගමුව වෙරළ උද්‍යානය පිලිබදව සංවාදය යළිත් මීගමුව තුල මාතෘකාවක් බවට පත්ව තිබේ.මෙයට හේතුව වි තිබුනේ බස්නාහිර පළාත් මහඇමතිවරයාගේ සහ පළාත් පාලන කොමසාරිස්වරියගේද පූර්ණ  ආශිර්වාදයෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් 2018 වසර සදහාද ටෙන්ඩර් නොකරම වෙරළ උද්‍යානය ලබාගැනිමට ඇමති ලංසාගේ පියා කදිමට සැලසුම් කර තිබුණි.
මේ වෙනුවෙන් විසිකරන්නට ඇති මුදල් ප්‍රමාණය දන්නේ ද ඇමති පියාත් ඇමති නිමල් ලංසාත් එකි මුදල් ලබාගත් මෙකි නොකි ලොකු පොඩි සැමත්ය.
කෙසේ වෙතත් මේ දැවැන්ත මෙහෙයුම එහෙම පිටින්ම කණපිට හැරෙන්නේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසින් පසුගිය පළාත් සභාවේදි සිදුකරන්නට යෙදුන මැදිහත්විමත් ජනපති සහ අගමැතිවරයාගේ අවධානයට මේ සියළු ගැහිලි පත්කර තිබිමත් හේතුකොට ගෙනය.
ඇමති පියා විසින් මෙම වෙරළ උද්‍යානය 2003 වසරේ සිටම අද දක්වා පාලනය කරනු ලබන එකම තැනැත්තා වෙයි.
මේ වෙරළ උද්‍යානයෙන් ඔහු ලබන අදායම් රුපියල් කෝටි 2 ක්ද ඉක්මවන බවට ගණන් බලා ඇත.
වෙරළ උද්‍යානය සදහා  ඔහු විසින් 2017 වසරේදි ගෙවු ටෙන්ඩර් මුදල වන්නේ රුපියල් ලක්ෂ 17 කි.එහෙත්
ඇමති පියා විසින් වෙරළ උද්‍යානයෙන් පමණක් රුපියල් ලක්ෂ 204 කටත් වැඩියෙන් වසරකට උපයන බව රොයිස් විජිත විසින් අගමැතිවරයාට යොමු කර ඇති ලිපියක  කරුණු සහිතවම දක්වා තිබේ.ඇමති පියාගේ විනෝද ක්‍රිඩා වෙනුවෙන් මුදල් විසි කිරිම සදහා ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය ලෙස ඇමති ලංසා විසින් නිර්මාණය කර දි ඇති මේ සල්ලි උල්පත මහනගර  සභාව විසින් අදායම් උපයන තැනක් බවට පත් කර ගත්තේ නම් එක් උද්‍යානයකින් පමණක් රුපියල් කෝටි 2 කකටත් වඩා වැඩියෙන් හම්බ කිරිමට ඉතා පහසු ඉඩකඩක් නිර්මාණය  වි තිබුණි.
මේ අනුව පැහැදිලිව පෙනි යන කරුණ වන්නේ මීගමුව මහනගර සභාවට ප්‍රධාන වශයෙන්ම අදායම් උපදවිමට ඉතා පහසු මගක් තිබියදි ඒ ධන නිධානය සිය පියාගේ සියළු විනෝද ක්‍රිඩාවන් වෙනුවෙන් වු අදායම් මාර්ගය බවට ලබා දි තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article