spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුගුරෙන් පහරකෑ බීමත් සැමියෙකු මරුට – බිරිද අත්අඩංගුවට ?

Must read

IMG_4699 IMG_4701වෙන්නප්පුව – ගංගොඩ නම් ග්‍රාමයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකු පොලු පහරක් වැදීමෙන් ඝාතනය වී තිඛේ.  මෙලෙස ඝාතනය වී ඇත්තේ  පාතිමා පෙදෙසේ පදිංචි මසෙව්ගේ සුජි තුෂාර (49) නැමති සිව්දරු පියෙකි.  දිනපතාම බීමතින් නිවසට පැමිණෙන මෙම පුද්ගලයා සිය බිරිදට පහරදීමට ඇබ්බැහිවී සිට ඇති අතර ඊයේ රාත්‍රීයේද ඒ ආකාරයෙන්ම බිරිදට පහර දී ඇති අතර  ඒ අවස්ථාවේදී බිරිද විසින් ඔහුට මුගුරකින් පහර දී ඇති බවට  වාර්තා   වේ.
බරපතල තුවාල ලබා මෙම පුද්ගලයා මියගොස් ඇති බව ඔහුගේ මව විසින් අද උදෑසන  වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර තිඛේ. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිදව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිව්දරු පියෙකු වන සුජි තුෂාර නමැත්තා පිළිබදව ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම නිවසේ නිතරම අඩදබර තිබූ බවත්,නිතරම මත්පැන් පානය කරන මොහු බරිදට පහරදෙන බවයි. කිසිදු රැකියාවක නිරත නොවූ මෙම පුද්ගලයා ජීවිතය ඉතාම අනර්ථකාරී ලෙස  අයාලේ ජීවත් වූ බවත්    කෙළවරක් නැති මත්පැන් වලට ඇබ්බැහිවීමේ පුරුද්ද විසින් මෙවැනි අවසනාවන්ත ඉරණමකට  පවුලේ සියල්ලෝම  ගොදුරු කළ බවට ප්‍රදේශවාසීන් අදහස් පළකරති.


ඡායාරූප  – චන්දන ප්‍රනාන්දු / වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු/chandana7520@gmail.com
FB   Chandana Fernando

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article